November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජී.එස්.පී. බදු සහනය අහිමි වෙයිද..?

1 min read

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සහ ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිව ඇති යුරෝපා සංගමයේ ‘ජී.එස්.පී. ප්ලස්’ තීරුබදු සහනය අහිමිවීමේ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇතැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අනතුරු අඟවයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම යෝජිත පනත් කෙටුම්පත් ද්විත්වය එකිනෙක සමීපව බැඳී පවතින බවත්, ඒවා පවතින අන්තර්ගතය සහිතව සම්මත වුවහොත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමයට, විදේශ වෙළෙඳ සබඳතාවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන අවස්ථාවන්ට ද දැඩි හානියක් සිදුවිය හැකි බවත්ය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් සංවිධානය මෙන්ම ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයද මේ වන විටත් මෙම කෙටුම්පත් සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කර ඇති බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා, මූලික හා ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනවලින් තොරව මෙම පනත් සම්මත නොකරන ලෙස එම ජාත්‍යන්තර ආයතන රජයට අවධාරණය කර ඇති බවද කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලූ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

“මෙම පනත් කෙටුම්පත් මඟින් රට තුළ පුළුල් ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීමේ ඉඩකඩක් නිර්මාණය වීම පමණක් නෙවෙයි මෙහි ඇති එකම ප්‍රශ්නය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් එකඟ වී ඇති බැඳීම් සහ සම්මුතීන් සමඟද මෙම ප්‍රතිපාදන සෘජුවම පටහැනි වෙනවා,” යනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.Book Beach Resorts

ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය මෙරට අපනයන කර්මාන්ත සහ සේවා අංශය සඳහා අතිශය තීරණාත්මක සාධකයක් බව පෙන්වා දුන් ඒ මහතා, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සුරැකීම මත ජී.එස්.පී. සහනයේ පැවැත්ම තීරණය වන බැවින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විවේචන සුළුකොට තැකිය නොහැකි බව අවධාරණය කළේය. යම් හෙයකින් මෙම වෙළෙඳ සහනය අහිමි වුවහොත් එය මෙරට ආර්ථිකයට, විශේෂයෙන්ම දේශීය අපනයනකරුවන්ට දැවැන්ත මූල්‍යමය ප්‍රහාරයක් වනු ඇති බවටද හෙතෙම අනතුරු ඇඟවීය.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, ජාත්‍යන්තර සබඳතා සහ ජාතික ආර්ථිකය කෙරෙහි එල්ල විය හැකි බරපතළ බලපෑම සැලකිල්ලට ගනිමින්, යෝජිත පනත් කෙටුම්පත් පිළිබඳව රජය නැවත දැඩි ලෙස සලකා බැලිය යුතු බවත්, මහජනතාව භුක්ති විඳින මූලික අයිතිවාසිකම් සහ නිදහස අහිමි කෙරෙන බැවින් මෙම කෙටුම්පත් වෙන් වෙන් වශයෙන් සලකා බැහැර නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  වී මිලදී ගැනීමේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපි විද්‍යානුකූලව මැදිහත් වෙමින් ඉන්නේ.. ඇමැතිවරුන්ගේ ඩමි පුච්චන ගොවියන්ට පසුතැවෙන්න වෙයි…- ඇමති සුසිල් රණසිංහ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x