November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වාහන ලක්ෂ 90ක දත්ත තොරතුරු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය භාරයට

1 min read

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති විශ්ලේෂණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමේදී වාහන ලක්ෂ 90ක දත්ත තොරතුරු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඇතුළු ආයතන භාරයට ගෙන තිබේ.

දීර්ඝ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බවට පැවසෙන වංචා සහ දූෂණ සෙවීම සඳහා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් නියෝගයකට අනුව පසුගිය ඔක්තෝබර් 29 වැනිදා මෙම මෙහෙයුම ආරම්භ කෙරිණි.

මෙම මෙහෙයුම සඳහා වලාන ප්‍රහාරක බළකායට අමතරව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT), ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) විශේෂඥයින් ද එක්ව සිටිති.

මෙරටට නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහන ගෙන්වීම සහ ලියාපදිංචි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගියදා පොලීසිය විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x