ජන අරගල ව්‍යාපාරය අද පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක
1 min read
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA), සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ තාවකාලික විධිවිධාන යන පනත් වහාම හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් වෘත්තිය සමිති සහ දේශපාලන ක්‍රියාකාරීන් එක්ව අද (04) පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට වීරෝධතාවයක් පවත්වන බව ජන අරගල ව්‍යාපාරය පවසයි.
අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ඊයේ (03) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ පිළිබදව පැවැසීය.
අද (04) දවල් 12.00ට ආරම්භ කරන මෙම විරෝධතාවය සඳහා එක්වන ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ කියා සිටියි.
එහිදී ඔහු පවසා සිටියේ ආණ්ඩුව සුදානම් වෙන්නේ පොලිසියට තවත් බලය දෙන පනතක් සම්මත කිරීමට බවත්, වෙනදා පොලිසියට පැය 24ක් රඳවගන්නට හැකි වූ නීතිය මෙම පනත් සම්මත වුවොත් පැය 72ක් දක්වා දීර්ඝ වෙන බවටත් ඔහු අනතුරු ඇඟවීය.
