“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. – විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..
1 min read
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව, ප්‍රධාන දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් පවත්වන ලදී.
මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ගමන්මඟ, විදේශීය බලපෑම්, ජාතික සම්පත් හා ස්වෛරීභාවය මෙන්ම ඉදිරියේදී රට මුහුණ දෙන ප්‍රධාන අභියෝග පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
වෙනිසියුලාවේ වත්මන් අන්තර්වාර ජනාධිපතිනිය වන ඩෙල්සි රොඩ්‍රිගස්ගේ (Delcy Rodríguez) දේශපාලනික භූමිකාවත්, ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන තන්ත්‍රයත් අතර පවතින සමානකම් හා වෙනස්කම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම අවස්ථාවට නුගේගොඩ නාලන්දාරාමාධිපති, බෙන්තර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ උපසභාපති තීනියාවල පාලිත හිමි, කරඹේ රතනසාර හිමි, පාගොඩ ජනිතවංශ හිමි ඇතුළු මහා සංඝරත්නයද, සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජනතා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ, ජ්‍යේෂ්ඨ නීතිඥ කළ්‍යානන්ද තිරාණගම, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ලේකම් යසස් ධර්මදාස, කථිකාචාර්ය මහින්ද පතිරණ යන මහත්වරුන් ඇතුළු විද්වතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..





