September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ස.ජ.බ. විරෝධතාවට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය !

1 min read

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වෙන අවස්ථාවකදී, පෙලපාලියක් ලෙස පාර්ලිමේන්තුව දෙසට පැමිණීමට පොලීසිය ඉඩ ලබා නොදෙතත්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (24) පොල්දූව මංසන්ධියේ දී පැවැති විරෝධතාවට පොලීසිය කිසිදු බාධාවක් නොකිරීම ස.ජ.බ. ඉහල නායකත්වයේ හා පාක්ෂිකයන්ගේ විමතියට හේතු වී ඇතැයි පැවසේ.

අද පෙරවරුවේ පැවැති ස.ජ.බ. විරෝධතාව සඳහා 2000 ක පමණ පිරිසක් සහභාගි වී ඇතැයි පැවසේ. එම පිරිස පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම් මාර්ගය ඔස්සේ පාර්ලිමේන්තුව දෙසට ගමන් කර තිබේ. එහිදී පොලීසිය කිසිදු බාධාකිරීමක් සිදු නොකිරීම මත නැවත ආපසු හැරී ඒමට විරෝධතාකරුවන්ට සිදුව ඇත.

කිසිදු පොලිස් බාධකයක් හෝ ජල විදින වාහන හා කඳුළු ගෑස් යන කිසිවක් සූදානම් කර තබා නොතිබුණු බව අපගේ ආරංචි මාර්ග පවසයි. ඒ පිළිබඳව අප කල විමසීමකදී පොලීසියේ උසස් නිලධාරියකු කියා සිටියේ, “කිසිදු විරෝධතාකරුවන් විසින් සිදු නොකරන බවට වූ විශ්වාසය නිසා, ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මෙම තීරණය ගනු ලැබූ බවයි.”

ඒ අනුව, සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දී අනිවාර්යෙන් කැඳවනු ලබන පොලීසියේ කැරලි මර්දන ඒකකය හෝ මෙම විරෝධතාව පාලනය සඳහා කැඳවා නොතිබූ බව එම ඉහල පොලිස් නිලධාරියා අප හා ප්‍රකාශ කළේය. “ජනාධිපතියි විපක්ෂනායකයි අතර තියන අවබෝධය කොහොමද?” යනුවෙන් ද ඔහු අපගෙන් විමසා සිටියේ ය.

ජනප්‍රිය පුවත්  ක්‍රෙඩිට් කාඩ් ණය නොනවත්වා ඉහලට!

කෙසේ වෙතත්, වර්ෂාව පවතිද්දී සතියේ වැඩ කරන දිනයක උදෑසන කාලය තුළ 2000 ක පමණ පිරිසක් ඉමහත් උනන්දුවෙන් මෙම විරෝධතාවට පැමිණීම තුළ, වර්ධනය වී ඇති ආණ්ඩු විරෝධී ජන මනස තේරුම්ගත හැකි විය යුතු යැයි ද එම උසස් නිලධාරියා පවසන ලදී. ස.ජ.බ. ආරංචි මාර්ගයන්ට අනුව, මේ සඳහා පිරිස් රැස්කර ඇත්තේ බස්නාහිර පළාත තුළින් පමණි.

  • සදීප විජයතුංග
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x