මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ
1 min read
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (16) පෙරවරුවේ සිදුවිය.
මන්නාරම ප්‍රදේශයේ ජනතාව වෙත සැපයෙන සෞඛ්‍ය සේවා සහ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය රජයේ ප්‍රදාන මගින්, රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකිරීමට නියමිත මෙම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සියලු නවීන පහසුකම්වලින් සමන්විතය.
මන්නාරම ජනතාවට කොළඹ ඇතුළු ප්‍රධාන නගර කරා ගමන් කිරීමකින් තොරව හදිසි අනතුරු ප්‍රතිකාර සහ අනෙකුත් විශේෂඥ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන අතර, මෙම ව්‍යාපෘතිය මෙරට නිදහස් සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය මට්ටමින් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වේ.
