September 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකානු යුද ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

1 min read

අමෙරිකානු යුද ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඔහු මෙම ධුරය දැරුවේ මාස 18කට ආසන්න කාලයක් වන අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමග මාස ගණනක් පැවති මතභේදයකින් අනතුරුව ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වයස අවුරුදු 41ක් වන ඩ්‍රිස්කෝල්, අමෙරිකානු ඉතිහාසයේ එම තනතුරට පත්වූ ලාබාලතම යුද ලේකම්වරයා ලෙසද සැලකේ.

ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කළ බවත්, හමුදා මෙහෙයුම්වලදී විශිෂ්ට නායකත්වයක් ලබාදුන් බවත්, ධවල මන්දිරය සඳහන් කර තිබේ.

ඩ්‍රිස්කෝල් හඳුන්වා ඇත්තේ ට්‍රම්ප්ගේ “ඩ්‍රෝන් විශේෂඥයා” ලෙස බවත්, යුද ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් භාවිත කිරීම කෙරෙහි ඔහු දැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර, ඔහු පසුගිය වසරේ රුසියානු-යුක්‍රේන යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡාවලදීද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු විදේශීය නායකයින් හමුවීමටද කටයුතු කර තිබිණි.

ඩ්‍රිස්කෝල්ගේ ඉල්ලා අස්වීමත් සමග මෑත කාලයේ අමෙරිකානු හමුදා ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු ඉවත්වීමද විශේෂත්වයක්.

ජනප්‍රිය පුවත්  නාමල් අත්අඩංගුවට ගත්තේ, විද්‍යාත්මක සාක්ෂියක් හෝ බැංකු වාර්තාවක් නැතිව – නීතිඥ සාගර කාරියවසම්

නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් අප්‍රේල් මාසයේදී හදිසියේ ඉල්ලා අස්වූ අතර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද මෑත කාලයේ ධුරවලින් ඉවත්ව තිබේ.

පීට් හෙග්සෙත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දස දෙනෙකුට වැඩි පිරිසක් ධුරවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x