September 26, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බජව්වත් තහනම් ! අහන්න වෙන්නෙ AKD බයිලා පමනයි !

1 min read

එක් සංවිධානයක් විසින් මිනිසුන්ගේ පුද්ගලික සාද වල ගායනා කරන ගීත වලට පවා මුදල් අය කරනා නීතියක් පිළිබඳ පහුගිය කාලයේ කතාබහට ලක් වුණා.

මේ පිලිබඳව ඇතිව තිබෙනා සංවාදය දුටු විට වැටහුණේ බොහෝ දෙනෙකුට මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති බව.

මේ රටේ ඉතා සුලුතර කලාකරුවන් පිරිසක් එකතු වෙලා සංවිධානයක් හදාගෙන තියෙනවා.
එහි නම ACPO SL කියලා.

කලාකරුවන් කිව්වට මේ සංවිධානයේ ගායකයන් නැහැ. (ටෙක්නිකලි) (රූකාන්ත, භාතිය ආදීන් මෙහි සමාජිකයන් වූවත් ඒ ගායකයන් ලෙස නොවේ)

මේ සංවිධානයේ ඉන්නේ පද රචකයන් සහ තනු නිර්මාණකරුවන් පිරිසක්.

මේ සංවිධානය ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයේ CMO (Collective Management Organization) එකක් විදියට ලියාපදිංචි වෙලා තියෙනවා.

එම නිසා ඔවුන්ට, ඔවුන්ගේ සාමාජිකයන්ගේ ගීත වලට කර්තෘ භාග අය කිරීමේ හිමිකම මාලිමා රජය විසින් ලබා දී තිබෙනවා.

මේ සංවිධානයේ ගායකයන් නැත්තේ ගීතයක බුද්ධිමය දේපළ අයිතිය පවතින්නේ පද රචකයන්ට සහ තනු නිර්මාණශිල්පීන්ට නිසා.

ඒ අනුව මේ සංවිධානයට, තමන්ගේ සාමාජිකයන්ගේ ගීත වාණිජමය අවස්ථාවන් වලට යොදා ගැනෙද්දි මුදල් අය කිරීමට බලය හිමි වෙනවා.

එතනට පැමිණෙන තුරු වැඩේ පැහැදිලියි. පුද්ගලිකව අපිත් නිර්මාණකරුවන්ගේ අයිතිය පිළිගන්නවා. ඒ වගේම කර්තෘ භාග හිමිකම පිළිගන්නවා.

හැබැයි මේ සංවිධානය එතැනින් නොනැවතී ඉතාම තක්කඩි, මාෆියාකරුවන් පිරිසක් විදියට කටයුතු කරන්න පටන් අරන් තියෙනවා.

අන්න එතන දී ඔවුන් රටේම මිනිස්සුන්ට බොරු කියලා බය කරලා, රවට්ටලා, මිනිස්සුන්ගෙන් සල්ලි ගැරීමේ තක්කඩි, නරුම වැඩක් පටන් අරන් තියෙනවා.

අන්න ඒ වැඩේට ඉඩ දෙන්න බැහැ.

මුල්ම කාරණය, මේ සංවිධානයේ සාමාජිකයන් ගණන 245 යි. ලංකාවේ තනු නිර්මාපකයන් සහ ගී පද රචකයන් දහස් ගණනක් ඉන්නවා.

ඒ අතරින් මේ ආයතනයේ සාමාජිකයො 245 යනු පැහැදිලිවම සුලුතරය.

නමුත් ඔවුන් සෑම උත්සවයකින්ම මුදල් අය කරන්න යනවා. බලපත්‍රයක් නිකුත් කරන්න උත්සාහ කරනවා.

උදාහරණයක් විදියට ඔබ නාමල් උඩුගම ගයපු කැසට් ගීතයක් ගන්න. ඒවායේ පද රචකයන්, තනු නිර්මාණකරුවන් මේ සංවිධානයේ නැහැ.

නමුත් ඔබ නාමල් උඩුගම ගායනා කරන ගීතයක් උත්සවයක වාදනය කරන්නත් මොවුන්ගෙන් බලපත්‍රයක් ගන්න ඕන.

ඒ නීතිය මොකක්ද ?

ඔවුන් තමන් යටතේ ඉන්නේ නිර්මාණකරුවන් සුලුතරයක් බව සඟවනවා.

එය පැහැදිලිව නීතිවිරෝධි වැඩක්. ඔවුන්ට එරෙහිව නඩු පැවරිය හැකි වරදක්.

දෙවැන්න, මොවුන් ජනතාවගේ CMO පිළිබඳව ඇති නොදැනුවත්කම නරුම විදියට පාවිච්චි කරනවා.

මොවුන් විවාහ මංගල උත්සව වල පවා ගීත ගායනා, වාදනය කිරීමේ දී මුදල් අය කිරීමට උත්සාහ කළා. ඉන්පසුව ඔවුන් ලෝකයේම ක්‍රමය ඒක බව කිව්වා.

ලෝකය නොදන්නා ශ්‍රී ලාංකිකයන් ඒ කතාව විශ්වාස කළා.

නමුත් එය පට්ටපල් බොරුවක්.

ලෝකයේ කිසිම රටක පුද්ගලික උත්සව, සාද, විවාහ උත්සව වලින් මුදල් අය කරන්න CMO සංවිධාන වලට බැහැ.

එය නීතිවිරෝධීයි. පැහැදිලිවම CMO සඳහා ක්‍රියාත්මක විය හැක්කෙ මුදල් උපයන, ටිකට්පත් අලෙවි කරන වාණිජ උත්සහ සඳහා පමණයි.

පුද්ගලික උත්සව වලින් මුදල් අය කරන්න ඇමෙරිකාවේත් බැහැ. යුරෝපයේත් බැහැ. ඉන්දියාවේත් බැහැ.

ඒවා පුද්ගලික උත්සව. ඒවායේ අමුත්තන්ට ටිකට් පත් විකුණන්නේ නැහැ. එමෙන්ම වාණිජ අරමුණක් නැහැ.

ජනප්‍රිය පුවත්  අද නිදහස් උළෙල දැකලා අභිමානයක් වෙනුවට ඇති වුණේ ලැජ්ජාවක්!

මේ යථාර්තය සඟවමින් ශ්‍රී ලංකාවේ ACPO SL සංවිධානය විවාහ මංගල උත්සව වලින් මුදල් අය කරන්න ගියා. පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය අනුව නීති විරෝධි වැඩක්.

විශේෂයෙන්ම ඉන්දියාවේ බුද්ධිමය දේපළ පනත අනුව {Section 52(1) of the Indian Copyright Act, 1957} නිර්මාණකරුට මුදල් නොගෙවා විවාහ, පුද්ගලික සාද වලට ගීතය භාවිතා කළ හැකියි.

මේ තක්කඩීන් උත්සාහ කළේ ලෝකයේ කිසිම රටක නැති නීතියක් ලංකාවට ගෙනල්ලා ලංකාවෙන් මුදල් අය කරන්න.

මිනිසුන්ගේ නොදැනුවත්කම පාවිච්ච් කරමින් මිනිසුන් සූරා කන්න ඔවුන් උත්සාහ කළා.

ඔවුන් ශ්‍රී ලංකාවේ විවාහ මංගල උත්සව ඉල්ලමක් විදියට පාවිච්චි කරන්න ගියා.

නමුත් එය ජාත්‍යන්තර නීතිය අනුව පවා නිතීවිරෝධියි.

තුන්වෙනි කරුණ, මේ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ වූ සැණින් ඊට එරෙහිව විශාල ජනතා නැගිටීමක් තිබුණා.

ලංකාවේ මිනිස්සු සංවේදීයි. නමුත් ඔවුන් මෙවැනි ඒකාධිකාරියන්ට සහ බලහත්කාරයන්ට කැමති නැහැ.

ලංකාවේ මිනිස්සු බිත්තියට හේත්තු කිරීම හොඳ අදහසක් නෙවෙයි.

ඉන්පසුව මිනිසුන් මේ බලහත්කාරයෙන් ගැලවෙන්න සරල විකල්පයක් හොයාගත්තා.

“අද ඉදලා අපි අහන්නේ ඉන්දියාවේ සහ ඉංග්‍රීසි සිංදු” මේ තමයි මිනිස්සු මේ පීඩාකාරී නීතියෙන් ගැලවෙන්න හදාගත්තු ක්‍රමය.

ඒ පිළිබඳවත් ඔවුන් හිතලා තිබුණා.

ඔවුන් ඉතාම නරක, ත්‍රාඩ සහ තක්කඩි වැඩක් කරලා තිබුණා.

ඔවුන් ඉන්දියාවේ CMO ආයතනයක් එක්ක ගිවිසුමක් අත්සන් කරලා.

මේ ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා වන රංග දසනායක ප්‍රසිද්ධියේ ජනතාවට තර්ජනය කළා.

‘තමුසෙලාට එහෙම අපිට මුදල් නොදී ඉන්දියාවේ සිංදු අහන්න දෙන්නෙත් නෑ. තව සතියකින් අපි UK කොම්පැනියක් එක්කත් ගිවිසුමක් අත්සන් කරනවා. එතකොට තමුසෙලාට ඉංග්‍රීසි සිංදුත් නෑ. සිංදු ඕන නම් අපිට සල්ලි ගෙවන්නම වෙනවා’.

මේ මොකක්ද මේ කරන්නේ ?

ඔවුන් විසින් හිතාමතාම, සැලසුම් සහගතව මේ ආයතනයට මුදල් නොගෙවා සිටීමට ඇති විකල්ප කප්පාදු කරනවා.

නමුත් මෙතනත් රංග දසනායක නම් තක්කඩියා කළේ මිනිසුන් රැවටීමක් සහ බිය වැද්දීමක්.
ඉන්දියාවේ ප්‍රධාන CMO ආයතන පහක් තියෙනවා.

ඒ CMO ආයතන පහ තුළින්ම ආවරණය වන්නේත් සමස්ථ ඉන්දියානු ගීත වලින් කොටසක් පමණයි.

CMO ආයතනයට අයිති නැති, නිදහස් ගීත ලක්ෂ ගණනක් ඉන්දියාවේ තිබෙනවා.

එමෙන්ම ACPO SL ආයතනය ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ එක සමාගමක් එක්ක විතරයි.

ඉතිරි CMO සංවිධාන වල ගීත වලට සහ නිදහස් ගීත වල මුදල් අය කරන්න ඔවුන්‍ට කිසිම බලයක් නැහැ.

ඉන්දියාවේ සැලකිය යුතු තරමේ ගීත ප්‍රමාණයක් CMO සංවිධානයක ලියාපදිංචි නැහැ.

ACPO SL ආයතනයට බලය තියෙන්නේ සමස්ථ ඉන්දීය ගීත වලින් 10% ක වගේ ප්‍රමාණයකට මුදල් එකතු කරන්න පමණයි.

නමුත් මේ ත්‍රාඩයන් ඒ බව සඟවමින් සියලූම ඉන්දීය ගීත වලට මුදල් එකතු කරන බව කියනවා.

පැහැදිලිවම ජනතාව රැවටීමක්. එමෙන්ම ජනතා මුදල් මංකොල්ලයක්.

අවසානයේ ඒ ගීත වලට අය කරන මුදල් ඔවුන්ට ඉන්දියාවට ගෙවිය යුතුත් නැහැ.

ඒ විශාල මුදල් සම්භාරය අවසානයේ යන්නේ කාගේ ගිණුමට ද ?

මේවා පැහැදිලිවම නඩු නිමිති.

ඉංග්‍රීසි සිංදු වල කතාව මීටත් වඩා බරපතලයි. ඉංග්‍රීසි සිංදු සම්බන්ධයෙන් CMO දෙසියකට වඩා තිබෙනවා.

එමෙන්ම යුරෝපයේ භාෂා ගණනාවක් තිබෙනවා.

එමෙන්ම ගීත ආරයන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ජනප්‍රිය පුවත්  අනෝජන්ගේ කතාව | අපට කියා දෙන කතාව

ඒ ගීත ආරයන්, භාෂාවන්, රටවල් නියෝජනය වන ආකාරයට CMO ආයතනය දෙසියකට වඩා තිබෙනවා.

ඉන් එකක් එක්ක ගිවිසුම් අත්සන් කරලා කොහොමද හැම ඉංග්‍රීසි සිංදුවකටම මුදල් අය කරන්නේ ?

පැහැදිලිවම මේ මිනිස්සු බය කරන්න වගේම සල්ලි හොරකම් කරන්න ගහන ගේම්.

මෙහෙම වැඩ කරන්නේ මාෆියාකරුවන් මිසෙක කලාකරුවන් නෙවෙයි.

අනිත් කාරණාව මේ රට විශාල විදේශ මුදල් හිඟයක් තියෙන රටක්.

මේ තක්කඩීන් ඒ බව දැන දැනම, ලංකාවේ මිනිසුන් පීඩාවට පත් කරන්න සහ බය කරන්න විදෙස් CMO සමග ගිවිසුම් අත්සන් කරලා.

මොන තරම් නරුම වැඩක් ද ?

මාෆියාකරුවන් පිරිසක් ඇවිල්ලා, තමන්ගේ මඩිය පුරවගන්න උවමන නිසා මේ රටේ රුපියල්, ඩොලර් කරලා ඉන්දියාවට, ඇමෙරිකාවට යවනවා නම් ඒ මොන තරම් ත්‍රාඩයන් වෙන්න ඕනෑද ?

මේ ඊනියා සංවිධානයේ මහමොලකරුවන් පරීක්ෂා කරන්න. ඔවුන්ගෙන් බහුතරය කලාකරුවන් නෙවෙයි.

කලාකරුවන්ගේ දරුවො. විශේෂයෙන්ම රංග දසනායක. ඔහුගේ පියා සරත් දසනායක.

රංගට ගීත කලාවේ මහා වැඩක් කරලා නැහැ. නමුත් ඔහුගේ පියාට ගීත ප්‍රමාණයක් තිබෙනවා.

මේ බුවා උත්සාහ කරන්නේ ඔහුගේ පියාගේ ගීත මාර්ගයෙන් ඔවුන්ට අයිති නැති මුදල් පවා අනීතිකව උපයන්න.

සරත් දසනායක ජීවත්ව හිටියා නම් මේ තක්කඩියා ඔහුගේ පුතෙක් නොවන බව කියාවි. සරත් දසනායක ලා කලාකරුවන් මිසෙක මාෆියාකරුවන් නොවෙයි.

වැදගත්ම කාරණාව මේ තීරණයට ආණ්ඩුව සම්බන්ධ නොමැති බව මේ සංවිධානය දිගින් දිගටම කියන්න උත්සාහ කරනවා.

නමුත් රටක ආණ්ඩුවේ අකමැත්තෙන් පුද්ගලික ආයතනයකට මිනිසුන් සූරා කන්න බැහැ.

විශේෂයෙන්ම ජවිපෙ ඒකාධිපති ආණ්ඩුවක් පවතින කාලයක එය කොහෙත්ම කරන්න බැරි වැඩක්.

මේ සංවිධානය 2009 සිට ක්‍රියාත්මක වුණා.

මොවුන් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුවන්ගෙන් මේ ක්‍රමය ඇති කරන්න ඉල්ලීම් කළා.

ඒ සියලූම ජනාධිපතිවරුන් මේ වැඩේ ප්‍රතික්ෂේප කළා.

එවැනි පසුබිමක 2026 වසරේ දී එක පාරටම කොහොමද මේ ආයතනයට බලයක් ලැබෙන්නේ ?

බදු පිට බදු ගසා ඇති සමයක මිනිසුන් සූරා කන්න තවත් සංවිධානයක් කරලියට එන්නේ කොහොමද ?

එයටත් හේතුවක් තිබෙනවා. ආණ්ඩුව වෙනුවෙන් ACPO SL ආයතනය එක්ක සාකච්ඡා කරන්නේ, ගණුදෙනු කරන්නේ අමාත්‍ය වසන්ත සමරසිංහ.

වසන්ත සමරසිංහ වැඩ කරන ආකාරය අපි දන්නවා. මුදල් සම්බන්ධයෙන් වසන්තට විශාල ඉවක් තිබෙනවා.

එමෙන්ම ඔහු කප්පම් සහ අල්ලස් ලබා ගැනීමේ විශාරදයෙක්.

ලංකාවේ දවසකට විවාහ මංගල උත්සව දෙසීයක් තිබුණොත්, එයින් රුපියල් 25,000 බැගින් මේ ආයතනය එකතු කළොත් එකතු වන මුදල දවසකට ලක්ෂ පනහක්.

සාමාන්‍යයෙන් මේ මුදලෙන් අති බහුතරය ආයතනය තුළම රැදෙනවා.

මන්ද අප පෙර සඳහන් කළ ආකාරයට ACPO SL ආයතනය මුදල් එකතු කරන ආකාරය නීතිවිරෝධීයි.

ඉතින් විශාල මුදලක් පවතින තැනෙක වසන්ත සමරසිංහගේ භූමිකාව ගැන අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

එක්වරම රටේ විවාහ මංගල උත්සව වලින් පවා මුදල් එකතු කරන සමාගමක් කරළියට එන්නේ ඒකයි.

එමෙන්ම මේ පුද්ගලික සංවිධානය කර්තෘ භාග බෙදා හැරීමේදීත් ඔවුන්ගේ ආයතනයට 10% – 20% ත් අතර මුදලක් ලබා ගන්නවා.

එය අතිවිශාල ධනස්කන්දයක්.

ඒ මුදලෙන් විශාල පංගුවක් ආයතනයේ ඉහළ නිළධාරීන් අතරේ වැටුප් සහ දීමනා ලෙස බෙදී යනවා.

ජනප්‍රිය පුවත්  විපක්ෂයේ තෝරාගැනීම ?

මේ සංවිධානයේ සභාපති නිලාර් එන් කාසීම්. ප්‍රධාන විධායක නිළධාරියා රංග දසනායක. රංග තක්කඩියෙක් වගේ හැසිරෙන්නේ ඒකයි.

නමුත් මේ සමාගම පිළිබඳව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා.

  1. මේ සංවිධානයට විවාහ උත්සව වැනි පුද්ගලික උත්සව වල මුදල් අය කරන්න බැහැ. එය නීතිවිරෝධියි. එයට එරෙහිව ඔවුන්ට නඩු පැවරිය හැකියි.

යම් හෙයකින් නඩු පැවරුවහොත්, ශ්‍රී ලංකාවේදි තීරණය ලබා දීමට ජනතා මතය සලකා බැලෙනවා.

එතන දී ජනතා මතය සම්පූර්ණයෙන්ම මේ තක්කඩීන්ට විරුද්ධ නිසාත්, ඔවුන් කරන්නේ නීතිවිරෝධි ක්‍රියාවක් නිසාත් ඔවුන්ට ගැලවීමක් නැහැ.

  1. එමෙන්ම ඉන්දියානු බුද්ධිමය දේපළ පනත මගින් විවාහ මංගල උත්සව වලින් මුදල් අය කිරීම තහනම් කර ඇති තිබෙනවා.

ඔබට ඔබේ විවාහයේ ඉන්දියානු සිංදු, ඉංග්‍රීසි සිංදු කිසිවෙකුටත් මුදල් නොගෙවා වාදනය කළ හැකියි.

එයට මුදල් අය කිරීම නීතිවිරෝධියි.

යම් හෙයකින් ඔවුන් ඒ සඳහා කටයුතු කළොත් ඉන්දියාවේ CMO ආයතනයට පැමිණිලි කරමින්, ACPO SL ගිවිසුම පවා අවලංගු කළ හැකියි.

ලංකාවේ සියලුම මිනිසුන් අහිංසකයන් හෝ මුග්ධයන් නොවන බව රංග ලා දැනගත යුතුයි.

  1. යම් හෙයකින් මේ සංවිධානය එවැන්නක් කළොත් ඔවුන්ට එරෙහිව එයටත් නඩු පැවරිය හැකියි.
  2. මේ සංවිධානයට ශ්‍රී ලංකාවේ සියලුම ගීත වලට මුදල් අය කරන්න බැහැ. සංවිධානයේ ලියාපදිංචි පිරිස 245 යි. නමුත් ලංකාවේ පද රචකයන්, තනු නිර්මාපකයන් ගණන ඊට වඩා වැඩියි.

ඔවුන්ට අනුන්ගේ සිංදු වලට මුදල් අය කරන්න බැහැ.

  1. මේ සංවිධානය සතුව ගීත 80,000 ක් පමණ ලියාපදිංචි ය කියලා කියනවා. එයත් පට්ටපල් බොරුවක්. සාමාජිකයන් ගණන 245 යි.

පද රචකයන් සහ තනු නිර්මාණකරුවන් දෙපිරිසම 245 ක් සිටින විට, නිර්මාණකරුවන් ගණන 200 ක් ලබා ගත්තත්, එක් පුද්ගලයෙක් ගීත 400 ක් නිර්මාණය කළ යුතුයි.
ඒ අනුව ඒ නොම්මරයත් බොරුවක්. එසේ නම් ඔවුන්ට එම ගීත, ඔවුන්ගේ වෙබ් අඩවියේ පළකළ හැකියි.

  1. ඉන්දියානු ගීත බහුතරයක් මේ සංවිධානයට මුදල් නොගෙවා වාණිජ මට්ටමින් භාවිතා කළ හැකියි. මන්ද ඒ ගීත වල අයිතිය හිමි CMO සමග සහ නිදහස් ගීත සමග ACPO SL සමාගමට ගිවිසුම් නැහැ.
  2. ඉංග්‍රීසි සිංදු , යුරෝපීය සිංදු අති බහුතරයක් ඔබට මුදල් නොගෙවා භාවිතා කළ හැකියි. මන්ද යුරෝපයේ, ඇමෙරිකාවේ CMO සංවිධාන දෙසිය ගණනක් තිබෙනවා. මොවුන්ට ගිවිසුම් ඇත්තේ ඉන් එකක් සමග පමණයි.

වැදගත්ම කාරණය කිව යුත්තේ රංග දසනායකට.

රංග, මේක මේ රටේ මිනිසුන් සමග කරන්න හොඳ සෙල්ලමක් නෙවෙයි.

මිනිස්සු බිත්තියට හේත්තු කරන්න උත්සාහ කරන්න එපා. ඔවුන් ඔබ නොහිතනා ලෙස ප්‍රතික්‍රියා දක්වනවා. කිසිවෙකුටත් මේ රටේ මිනිසුන් බිත්තියට හේත්තු කරලා දිනන්න බැරි වුණා.

මාෆියාකරුවෙක් වගේ හැසිරීම නවත්තන්න.

ඔයාගේ බොරු වලට රටේ මිනිස්සු ඇන්දෙන්නේ හෝ බය වෙන්නේ නැහැ.

මිනිසුන් බිය ගැන්වීමට උත්සාහ කරන්න එපා. මේ රටේ සියලූම මිනිසුන් මුග්ධයන් නොවන බව මතක තබා ගන්න.

  • Sachin Rathwatte
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x