විපක්ෂයේ තෝරාගැනීම ?
1 min read
නීතිය කියන්නේ තනිකරම මිනිස් විශ්වාසය මත පදනම් වෙච්ච කතන්දරයක්.
නීතියේ ආධිපත්ය, ස්වාධීන අධිකරණය වගේ සංකල්ප පවතින්නේ මිනිස්සු මේ කතන්දරය විශ්වාස කරනතාක් විතරයි.
මිනිස්සු මේ කතන්දරය තවදුරටත් විශ්වාස නොකරන තැන, නීතිය බිඳ වැටෙනවා.
නීතිය, අධිකරණය අපිම පනවාගෙන, අපිම විශ්වාස කරන සම්මතයක්.
මට නාමල් රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම වැදගත් වෙන්නේ එතැනින්.
නාමල් වේවා කවුරුන් හෝ වේවා වංචා දූෂණ කරලා නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට අපි අත්දෙකම උස්සලා එකඟ වෙනවා.
ඇත්තටම අපිටත් අවශ්ය ඒක.
මේ පොදු විපක්ෂය වංචා දූෂණ වලින් තොර, මිනිස්සු පිළිගන්නා බලවේගයක් වීමට උවමනායි.
ඒ සඳහා හොරුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වීම ඉතා වැදගත්. කිසිඳු සබුද්ධික පුරවැසියෙක් ඊට එරෙහි වන්නේ නැහැ.
නමුත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ අභිලාෂය ඇත්තටම නීතිය ක්රියාත්මක කිරීම බව පෙනෙන්නේ නැහැ.
බැලූ බැල්මටම පේන්නේ මේ අත්අඩංගුවට ගැනීම සිදුවෙන්නේ ජනාධිපතිගේ කළුතර රැස්වීම් බූස්ට් කරගන්න කියලා.
නාමල් රාජපක්ෂගේ එයා බස් ගණුදෙනුවට පැහැදිලි නඩුවක් පෙනෙන්නේ නැහැ.
ඔහුගේ අත්අඩංගුවට ගැනීමට පදනම් වෙන්නේ වසන්ත සමරසිංහ එක්ක එකට හොරකම් කරපු, නිමල් පෙරේරාගේ කට උත්තරයක්.
නමුත් නඩුව සාධාරණ නම් ප්රථමයෙන්ම අත්අඩංගුවට පත්වෙන්න උවමනා ඇත්තටම අල්ලස් ලබා ගත්තු නිමල් පෙරේරා.
ඒ නිසා නාමල්ගේ කතාවෙදි නීතිය හරියටම ක්රියාත්මක වෙනවා කියලා පෙනෙන්නේ නැහැ.
එහෙම බැලුවම ආණ්ඩුව නාමල්ට කරන්නෙ ඇත්තටම උදව්වක්.
ආණ්ඩුවට නාමල් අත්අඩංගුවට ගන්න උවමනා නිසා මේ වගේ අසම්පූර්ණ, අපැහැදිලි සහ පරදින සාක්ෂියක් පදනම් කරගත්තම, යම්කිසි දවසක නාමල්ට වෙනත් සාධාරණ චෝදනා නැත්ද කියන ප්රශ්නය සමාජය අහනවා.
මේ ස්ථාවරය පැහැදිලි වෙන තවත් කතාවක් අද අනුර කිව්වා.
22 වන සංශෝධනය සම්බන්ධ තීරණය පාර්ලිමේන්තුවට ආපු ගමන්, පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා කියලා අනුර කිව්වා.
ඒ කියන්නේ ශ්රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන තීරණය අනුර දැනටමත් දන්නවා.
ජනමත විචාරණයක් නැති බවත්, තීරණය ආ සැණින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න පුලුවන් බවත් අනුර දන්නවා.
හැබැයි මිනිස්සුන්ට ‘නීතිය’ සම්බන්ධ විශ්වාසය බිඳ වැටීම අනුරලාට ප්රශ්නයක් නෙවෙයි.
මිනිස්සු නීතිය සහ නීතියේ ආධිපත්ය විශ්වාස නොකිරීම ප්රශ්නයක් වෙන්නේ ප්රජාතන්ත්රවාදය විශ්වාස කරන, ප්රජාතන්ත්රවාදය විසින් ආරක්ෂා වෙන පාලකයන්ට.
නමුත් ඒකාධිපති, තනි පක්ෂ පාලනයකට නීතියේ ආධිපත්ය උවමනා නැහැ.
ඔවුන්ට අලුත් කතන්දරයක් මහ පොළවේ පැල කරන්න උවමනායි.
ඒ ‘පක්ෂයේ ආධිපත්ය’.
ඒ අලුත් කතාවේ දි මිනිස්සු බය වෙන්නේ පක්ෂයේ ආධිපත්යයට.
මිනිස්සු බය වෙන්නේ විනිසුරුවරුන්ට නෙවෙයි, පක්ෂ කාඩරයේ කොමිසාර්වරුන්ට.
එම අලුත් සමාජය ගොඩනැගීම උදෙසාම අනුරලා පැරණි නීතියේ ආධිපත්ය මත පිහිටන සමාජය විනාශ කරලා දානවා වෙන්නත් පුලුවන්.
ඒ වගේම අනුර තවත් මරු කතාවක් කිව්වා.
ජනමත විචාරණයක් ආවොත් මිනිස්සු ඉදිරියට එන්නේ විකල්ප දෙකයි.
එතනදි විපක්ෂය එකතු වෙනවා. ඒක තමන්ට අවාසියි.
නමුත් ජනාධිපතිවරණයක් ආවොත් විපක්ෂය කෑලි වලට බෙදෙනවා.
එතනදී විපක්ෂයේ බෙදීම නිසා තමන්ට ජයග්රහණය කරන්න පුලුවන් බව අනුර කිව්වා.
මම හිතන්නේ විපක්ෂය යළි යළිත් ඇසිය යුතු, ලැජ්ජා විය කතාවක් අනුර ඒ කිව්වේ.
අනුර ප්රතිවාදියාගේ දුර්වල තැන දන්නවා. ඒ වගේම ප්රතිවාදියාට ඒ දුර්වල තැන හදාගන්නත් බෑ කියලා අනුරට හොදටම විශ්වාසයි.
විපක්ෂය ලැජ්ජා විය යුත්තේ ඒ නිසයි.
ඒ වගේම 22 ට හෝ ජනමත විචාරණයක් නොමැති බවට අනුරගේ එම කතාවෙන් අපිට උපකල්පනය කරන්න පුලුවන්.
කොහොමවුනත් සමාජයම බය කරලා, බලයේ ඉන්න ඕනෑම දෙයක් කරන්න සුදානම් තද රතු පාට රකුසෙක් බිහි වෙලා ඉන්නවා.
මේ රකුසා එකින් එක තමන්ට අභියෝගයක් වන සියල්ලෝම විනාශ කරනවා.
ඒ රකුසාගේ අරමුණ තවත් උතුරු කොරියාවක්, චීනයක් ලංකාවේ ගොඩනගන්න.
බලයට කෑදර, බලයේ ආශ්වාදය විඳින, ලුම්පන් සමාජයෙන් ආපු තක්කඩින් පිරිසක් මේ රතු රකුසා මෙහෙයවමින් ඉන්නවා.
ඉතින් අනුර කිව්වා වගේම විපක්ෂය ඉදිරියේ තාර්කික විකල්ප දෙකක් තිබෙනවා.
ප්රථමයෙන්ම මෙතෙක් අපි ආරක්ෂා කරගෙන ආපු වටිනාකම්, රට සහ ජනතාව වෙනුවෙන් එක් වී එම රතු රකුසා පරාජය කළ හැකියි.
එසේ නොමැති නම් බෙදී වෙන්වී තනි පක්ෂ, සෝවියට් ශ්රී ලංකා සමූහාණ්ඩුව බිහිවනතුරු බලා සිටිය හැකියි.
මම හිතන්නේ විපක්ෂය ඉතා ඉක්මනින්ම මේ තෝරා ගැනීම කළ යුතුයි.
- Sachin Rathwatte
