September 20, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනෝජන්ගේ කතාව | අපට කියා දෙන කතාව

1 min read

මේ මොහොතේ දී සවුදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික අනෝජන් ශිවරාජා සිදුවීම අපි හංගලා, හිත හදාගන්න හදපු යථාර්තය නැවත අපේ මූණේ අතුල්ලපු සිදුවීමක්.

අනෝජන් දෙමල ජාතිකයෙක්. ඔහු වැඩ කරන්නේ සවුදි අරාබියේ.

ඔහු ෆේස්බුක් එකේ දකිනවා මෙරට මුස්ලිම් පිරිසක් සුනඛයෙකුට හිංසා කරනවා.

ඔහු එයට විරෝධය දක්වනවා. වෙනත් ඕනෑම තැනක වගේ එතැන ගැටුම්කාරී සංවාදයක් ඇතිවෙනවා.

ඒ සංවාදය ආගමික විවේචන පැත්තටත් යනවා. මුස්ලිම් පිරිස අනෝජන් අදහන ශිව දෙවියන් විවේචනය කරනවා.

අනෝජන් මුස්ලිම් පිරිසගේ ආගමික විශ්වාස විවේචනය කරනවා.

හැබැයි ඒක එතැනින් ඉවර වෙන්නේ නැහැ.

මේ සංවාදය සිදුකෙරෙන්නේ දෙමල භාෂාවෙන්.

මේ සංවාදය දකින ලංකාවේ මුස්ලිම් මිනිස්සු පිරිසක්, මේ සංවාදය අරාබි සහ ඉංග්‍රීසි භාෂාවන්ට පරිවර්ථනය කරලා, සවුදියට නිල වශයෙන් පැමිණිලි කරනවා.

ඊමේල් දානවා.

එහෙම පැමිණිලි කරද්දී සවුදියේ දී ඔහුට අත්වන දඬුවම ගැන මේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු හොඳින් දැනුවත්.

ශ්‍රී ලංකාවේ ආගම සම්බන්ධ බොහෝම නිදහස් නීතියක් තිබුණට, ඉස්ලාම් සවුදියේ දී ආගමේ ඉගැන්වීමක් ප්‍රශ්න කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පවා දැඩි දඬුවම් හිමිවන වරදක්.

ලංකාවේ බුදු දහමට, බුදුන් වහන්සේට කොච්චර අපහාස කරනවද ?

ජනප්‍රිය පුවත්  ව්‍යසනයක් ද? නොසළකා හැරීමක් ද?

නමුත් ඒ විවේචකයන්ගේ රෝම ගහකට ලංකාවේ දි හානියක් වෙනවද ?

ඒ තමයි බුදු දහමේ ශිෂ්ඨත්වය. බුදු දහම විද්‍යාත්මකයි. ශිෂ්ඨයි.

බෞද්ධයො මේ තරම් විවෘත මනසක් සහිත මිනිස්සු වුණේ නිකන් නෙවෙයි.

මේ පැමිණිල්ල සවුදියේ දි විභාග වෙනවා. පැමිණිලි කරපු ලංකාවේ මුස්ලිම් මිනිස්සු ඊට සහය වෙනවා.

අවසානයේ අනෝජන්ට සවුදියේ දී වසර පහක සිර දඬුවම් නියම වෙනවා.

මාලිමාවේ රාජ්‍ය තාන්ත්‍රික විශිෂ්ඨත්වය එලියට එන්නේ මෙතන දී.

මේ නඩුවේ තීරණය නැවත අභියාචනා කරන්න, ලංකාවේ විදේශ අමාත්‍යංශය තීරණය කරනවා.

ඔවුන් මුදල් වියදම් කරලා, නීතිඥයො අල්ලලා, විජිත හේරත් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වෙලා නඩුව ඇපීල් කරනවා.

ප්‍රතිඵලය ?

මාලිමාවේ නඩුව කොච්චර හොඳද කියනවා නම්, අනෝජන්ට වසර පහක සිර දඬුවමක් මදි, ඔහුට මරණ දඬුවම නියම කරන්න ඕන කියලා සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා.

නඩුවක් ඇපීල් කරන්න කළින් ඒ අධිකරණය සහ විනිසුරුවන් ගැන මූලිකව ඕනෑම නීතිඥයෙක් පරීක්ෂා කරනවා.

සවුදි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නේ දැඩි අන්තවාදී, වයෝවෘද්ධ මුල්ලාවරුන් කියලා දැන දැනත්, මාලිමාවේ විදේශ අමාත්‍යංශය අනෝජන්ගේ නඩුව ඇපීල් කිරීම මොන තරම් මුග්ධ ද ?

මෙවැනි නඩු වලට සවුදි ඉහළ අධිකරණ වල තීරණ පරීක්ෂා කළා නම්, විජිත හේරත් මේ මුග්ධ තීරණය ගන්නේ නැහැ.

ජනප්‍රිය පුවත්  වාම ආත්මය හා නන්දා

මා මේ සටහන ලිවීමට පෙර ඒ පිළිබඳ සරල පරීක්ෂාවක් කළා.

මා දුටුවේ සවුදි මහාධිකරණයට වඩා සෑම විටකම ආගම සම්බන්ධයෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය බරපතලව සලකන බව.

මෙරට විදේශ අමාත්‍යංශය ඒ සරල පරීක්ෂා කිරීම හෝ සිදු කිරීමට අසමත් වෙලා.

දැන් අනෝජන් ශිවරාජාට මරණ දඬුවම නියම වෙලා.

ඔහු වසර පහකින් සිර දඬුවමක් විදලා ලංකාවට එන්න හිටපු මනුස්සයෙක්.

ඔහුගේ ජීවිතය මුලින් උදුරා ගත්තේ ලංකාවේ අන්තවාදී මුස්ලිම් මිනිස්සු.

අනෝජන් ගැන පැමිණිලි කළේ ඔවුන්. නඩුවට සාක්ෂි දුන්නේ ඔවුන්.

අවසානයේ අනෝජන්ට මරණ දඬුවම හිමි වුණාම බොහෝ මුස්ලිම් මිනිස්සු එය සමරලා තිබුණා.

දෙවැන්න අනෝජන්ගේ ජීවිතය උදුරා ගත්තේ විජිත හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ විජිත අමාත්‍යංශය.

මේ නඩුව අභියාචනා නොකරන්නට වසර පහකින් ඔහු නිදහස්.

මේක බෞද්ධයන්ට හොඳ පාඩමක්.

පාස්කු ප්‍රහාරය තමයි මෑත යුගයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයේ අග්‍ර ඵලය.

නමුත් අවසානයේ වුණේ මොකක්ද ?

අන්තවාදීන්ගෙන්ම මුදල් ගත්තු, NGO කාරයො යූටියුබ් වැඩසටහන්කරලා, පොත් ගහලා, ශානි අබේසේකර වගේ පිස්සො එක්ක පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධයාගේ පිටට දැම්මා.

දැන් පාස්කු ප්‍රහාරය සහරාන්ගේ හෝ ඔහු අදහපු පොතේ නිර්මාණයක් නෙවෙයි.

ජනප්‍රිය පුවත්  තඹුත්තේගමින් පැමිණි පොරක්, මහා ධනවතුන්ට පිටිය සැකසීම

බෞද්ධ දේශපාලනයේ වැඩක්.

එහෙම හිත හදාගන්න හැදුවා විතරයි මුස්ලිම් අන්තවාදය අපේ ඇස් ඉස්සරහටම ඇවිල්ලා.

අනෝජන්ගේ ජීවිතය ගිල ගන්න සෘජුව මැදිහත් වුණේ ලාංකේය අන්තවාදී මුස්ලිම් මිනිස්සු.

දැන් අපි මෝඩ තරිදුලාගෙන් අහනවා.

අනෝජන් ගැන කේලාම් කිව්වේ රාජපක්ෂලා කියලා තියරියක් හදලා පොතක් ලියන්නේ කවදාද ?

දැන් බෞද්ධ බහුතරයකගේ රටේ ඔවුන්ට ඕනෑම ආකාරයක බෞද්ධ ඇදහිලි විවේචනය කළ හැකියි.

නමුත් ඉස්ලාම් බහුතරයක් වූ දාට ශ්‍රී ලංකාවේ මේ නිදහස තියේවිද ?

අපි ශ්‍රී ලංකාව ‘සිංහල බෞද්ධ’ රාජ්‍යයක් වශයෙන් ආරක්ෂා කරගන්න උවමනා අන්න ඒ නිසයි.

ඒක කිසිසේත්ම ජාතිවාදයක් නෙවෙයි.

සැබැවින්ම ජාතිවාදයෙන් අපේ දරුවන් සහ ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න උවමනා නම්, දිවිහිමියෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කරගත යුතුයි.

ඒ සියල්ල අවසානයේ පවා අපි කිවයුතුයි.

අනෝජන් ශිවරාජාගේ ජීවිතය වෙනුවෙන් අපට කළ හැකි උපරිම මැදිහත්වීම අප කළ යුතුයි.

ෆේස්බුක් කමෙන්ට් එකක් නිසා මිනිහෙකුට මිය යන්න වෙනවා නම්, එවැනි ආගමකින්, එවැනි දෙවියෙකුගෙන් ඇති වැඩක් නැහැ.

  • Sachin Rathwatte
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x