September 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපති කුරේ සමග පල්ලියේ “හුරේ” දමයි !

1 min read

ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධාන පෙලේ උපදේශකයකු වූ ක්‍රිෂාන්ත කුරේගේ පියා මියගොස් දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් වූ දේව පූජාව පැවැතියේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුලදී ය. ඊයේ (18) පැවති එම විශේෂ දේව මෙහෙයට ජනාධිපති අනුර කුමාර, හේලීස් සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධානින් රැසක් සහභාගි වී තිබේ.

එම සහභාගිවූවන් අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම මෙහෙයවන්නා වූ ලක්ෂ්මන් ෆොන්සේකා ද සිටිය බව වාර්තා වේ.

දේව මෙහෙය නිමා වීමෙන් පසු ජනාධිපතිවරයා අසුන්ගෙන ඇත්තේ, මොහාන් පණ්ඩිතගේ සහ ක්‍රිෂාන්ත කුරේ පමණක් අසුන්ගෙන සිටි ස්ථානයක බව අප වාර්තාකරු පවසයි. මොහාන් පණ්ඩිතගේට‍ අයත් හේලීස් සමාගම, ගල් අඟුරු ගෙන ඒම වෙනුවෙන් පැවති “ස්පොට්” ටෙන්ඩරය ලබාගත් අතර, එම ගල් අඟුරු නැව් 5 ම ප්‍රමිතියෙන් බාල, ප්‍රමාණයෙන් අඩු ගල් අඟුරු බව වාර්තා විය.

මෙම අවස්ථාවට ජනාධිපති උපදේශකයකු වන මුදිත නානායක්කාර ද සහභාගි වී තිබේ. ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු ද වන ඔහුගේ බිරිඳ රැකියාව කරනුයේ මොහාන් පණ්ඩිතගේ විසින් පාලනය කරන හේලීස් ආයතනයේ ය. රජයේ බැංකු වල සභාපතිවරුන් රැසක් ද මේ අවස්ථාවට සහභාගි වී තිබේ.

ජනප්‍රිය පුවත්  "තව පරම්පරා 7 කට වෙන ආණ්ඩු නෑ !" - ඇමති එරංග

සාමාන්‍යයෙන් රටක ජනාධිපතිවරයකුට කරන සංග්‍රහ පූර්ව පරීක්ෂාවට ලක් කෙරුනද, ජනාධිපතිවරයා මෙහිදී පානය කර ඇති අයිස්කෝපි ඇතුළු ආහාරපාන එබඳු පරීක්ෂාවකට ලක් කර නැත. රනිල් වික්‍රමසිංහ හා මංගල සමරවීර ලඟ සිටිය ප්‍රධාන පෙලේ හිතවතකු වූ ක්‍රිෂාන්ත කුරේ මේ වන විට ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකයා වී තිබේ.

ජනාධිපතිවරයා සමග වන සබඳතාව යොදාගනිමින් ඔහු ව්‍යාපාරික ගනුදෙනු හා මූල්‍ය ප්‍රධාන විශාල ලෙස සිදුකරනු ලබන්නෙකි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ක්‍රිෂාන්ත කුරේ සමඟ පවත්වන මෙම සමීප ඇසුර පිළිබඳව පැලවත්ත නොසතුටට පත්ව තිබේ. එහෙත්, ජනාධිපතිවරයා එය තැකීමකට ලක් නොකරන බවද අප වාර්තාකරු පවසයි.

  • ජීවන්ත ගුණරත්න
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x