නිල්වලා ගඟ පිටාර ගලා මේවනවිට ගංවතුර තත්වයක් උදාවී ඇත
1 min read
පසුගිය දින කිහිපය තුල මොරවක , කොටපොල , පිටබැද්දර , දෙදියගල සහ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්රදේශවලට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලා මේවනවිට ගංවතුර තත්වයක් උදාවී ඇත.
මෙලෙස හදිසියේ බලපාන ලද ආපදා තත්වය හමුවේ අතුරලිය ප්රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මැදිහත්වීමෙන් මාතර ආපදා කළමණාකරණ ඒකකයේ මගපෙන්වීමෙන් ශ්රීලංකා යුද හමුදා නිලධාරීන් යුනිකෝන් ට්රක් රථ යොදාගෙන හදිසි රෝගීන් සහ අත්යශවශ්ය කටයුතු වලට අකුරැස්ස නගරය වෙත සහ වෙනත් ස්ථාන වෙත ගමන් කරන පිරිස කඩිනමින් ප්රවාහනය කිරීමට කටයුතු යොදන ලදී.
බළකාවල , තිබ්බටුවාව උතුර සහ පානදුගම ප්රදේශ ඇතුළු ස්ථාන කිහිපයකම මාර්ග ගංවතුරින් යටවී ගමනා ගමන කටයුතු ඇණහිට තිබේ.
අතුරලිය ප්රාදේශීය සභාවේ සභාපති නුවන් රත්නායක ප්රමුඛ නිලධාරීන් මේවන විට ආපදා සහන සේවා කටයුතුවල නිරතව සිටිති.
ඊයේ (16) වෙනිදින සවස හදිසියේ අසනීපව අසරණව සිටි දරුවන් කිහිප දෙනෙකු සහ වැඩිහිටියන් කිහිප දෙනෙකුම අකුරැස්ස දිසා රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුනි.
අතුරලිය ප්රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත අතුරලිය ආපදා සහන සේවා නිලධාරී තීක්ෂණ වික්රමරත්න සහ බළකාවල ග්රාම නිලධාරී චින්තක ගුණසේකර යන අයද විසින් සහන සේවා කටයුතුවල නිරතව සිටින යුද හමුදා නිලධාරීන්ට බළකාවල මෙතෝදිස්ත දේවස්ථානයේ ලැගුම් ගෙන සහන සේවා කටයුතුවල නිරතවීමට අවශ්ය පහසුකම් සලස්වා තිබේ.
