August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 ගැන විභාගයට නවාස්, කෝදාගොඩ විනිසුරුවෝ නැත !

1 min read

ලබන සැප්තැම්බර් 5 වැනිදා සිට ආරම්භ වීමට නියමිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත්ව ඇති පෙත්සම් 22 විභාගයට ගැනීම සඳහා 7 පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඊයේ (26) කොළඹ විශේෂ ස්ථානයක දී මුණගැසුණු අගවිනිසුරු ප්‍රමුඛ තිදෙනකු තීරණය කර තිබේ.

ඊයේ (26) මධ්‍යම රාත්‍රිය දක්වා දිගු වී තිබූ අදාල සාකච්ඡාවට අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනට අමතරව, ජනාධිපති අනුර කුමාර වෙනුවෙන් වූ නියෝජිතයකු ද, නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ද සහභාගි වී තිබේ.

අදාල පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර, අචල වෙන්ගප්පුලි, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පත් කිරීමට මෙහිදී තීරණය වී තිබේ. ඉතිරි විනිශ්චයකාරවරුන් දෙදෙනා සඳහා තෝරාගන්නේ කවුද යන්න පිළිබඳව මෙහිදී පැහැදිලි තීරණයක් ගෙන නැතත්, ඒ සඳහා ඒ.එච්.එම්.ඩී. නවාස් සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරන් යොදා නොගත යුතු බව මෙහිදී තීරණය වී තිබේ.

ඉතිරි දෙදෙනා වෙනුවෙන් ගිහාන් කුලතුංගගේ නම සහ මේනකා විජේසුන්දරගේ නම සාකච්ඡාවට භාජනය වී ඇතත්, ඒ පිළිබඳ අවසන් තීරණයක් එම සාකච්ඡාවේ දී ගෙන නොමැත.

ජනප්‍රිය පුවත්  කොමිෂමේ ලොක්කෝ අර්බුදයක !

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අදාල පෙත්සම්කාර පාර්ශවයන් බොහොමයක් මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටියහ. එමෙන්ම, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිලාභය පළමුවෙන්ම ලබන පුද්ගලයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඊට සහභාගි නොවිය යුතු බවට ද ඇතැම් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

අපගේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ, එම කිසිදු ඉල්ලීමකට සවන් නොදී, පත්කරනු ලබන සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනම අසුන් ගැනීමට මෙහිදී තීරණය කර තිබෙන බවයි.

  • කැලුම් ශ්‍රියාල් ජයතිලක
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x