October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක්

1 min read

රට තුළ මනෝ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය චතුරි සුරවීර මහත්මිය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, මනෝ වෛද්‍යවරුන්ට විදෙස් රටවල විශාල ඉල්ලුමක් පවතින බවයි.

එලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වීම,මනෝ වෛද්‍යවරුන්ගේ හිඟයට ප්‍රධාන හේතුවක් වී ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය චතුරි සුරවීර මහත්මිය සදහන් කළේය.

“මනෝ වෛද්‍යවරුන්ගේ එක්තරා දුරක අඩුවීමක් තියෙනවා. මොකද ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ට ඕනෑම වෙලාවක ඔස්ට්‍රේලියානු සහ එක්සත් රාජධානිට රැකියා තියෙනවා. සහ මෙහි පුහුණුවීම ගොඩාක් කට්ටිය අගය කරන එකක්. ඒක නිසා ඒ ප්‍රශ්න නිතර තියෙනවා. එතකොට දැනට 100ක් 120ක් වගේ ඉන්නවා මනෝ වෛද්‍යවරු.විශේෂඥ මනෝ වෛද්‍යවරු සහ ඒකෙ පොඩි කාණ්ඩ ටිකක් තියෙනවා. ඒ ඔක්කොම ටික ගත්තාම ඒ අපිට දැනට තියෙන සේවාදායකයොත් එක්ක බලනකොට හරිම වැඩියි.කොළඹ මහා රෝහලේ clinic සහ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ clinic යන දෙකම තියෙනවා. අපේ උදේ clinic එකක් ගත්තාම 150ක් විතර පේෂන්ස්ලා එනවා”

මේ අතර සමාජයේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට මානසික රෝගී තත්ත්වයක් ඇතිවීමේ ඉඩ ඇති බවද ඇය පැවසීය.

ජනප්‍රිය පුවත්  අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස: කිසිඳු මතයක් නොකියා උපුල් කුමරප්පෙරුම නිහඬයි..

“අපිට ගොඩක් තේරිලා තියෙන දෙයක් තමයි කුඩා කාලයේ සිට වයෝවෘද්ධ ඕනෑම කෙනෙක්ට මානසික රෝග හැදෙන්න පුළුවන්. අපිට නෑ මට මේක හැදෙන්න බෑ අල්ලපු ගෙදර කෙනාටයි හැදෙන්න තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ. කාට හරි මානසික රෝගයක් තියෙනවානම් එයාලව ගිහින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන්න.අපේ සිතුවිලි තමයි මානසික රෝගවලදි වෙනස් වෙන්නෙ එතකොට අපිට දැනෙන්නේ නෑ වෙන්න පුළුවන් අපේ සිතුවිලි වෙනස් වෙලා කියලා.නමුත් තමන්ට තේරෙන්නේ නැති වුණාට අනිත් අයට තේරෙන්න පුළුවන්. එතකොට ඕනෑම වෛද්‍යවරයෙක්ට පෙන්නන්න ඕනි. ගොඩාක් වෙලාවට තමන්ට රෝගයක් තියෙනවා කියලා දන්නෙ නැති හින්දා ඖෂධ ගන්න බැරි වෙනවා. අනිත් කාරණව තමයි අපි තේරුම් ගන්න ඕනි මේක අපිට වුණානම් කොහොමද කියලා වැඩ කරගන්න බෑ. ඒ කාලෙට අපි කරන දේවල් වෙනස් රෝගය හින්දා එහෙම වෙන්නේ. ඒක හොඳ කරාම ඒ ටික නැති වෙලා පරණ හිටපු පුද්ගලයා ආපහු අපි ගාවට එනවා. ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් සහ සායනික මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න ඕනි”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x