22 වන සංශෝධනය හරහා රාජ්‍ය බලය අත්පත් කරගැනීමට ආණ්ඩුව සැරසෙනවා.. – උදය ගම්මන්පිල
1 min read
වත්මන් රජය 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම තම ග්‍රහණයට ගනිමින් රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ අරමුණින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩු බලය හිමිවුවද රාජ්‍ය බලය මෙතෙක් ලැබී නැති බවට රජයේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ පැරණි කොමියුනිස්ට් න්‍යායන් මත පදනම් වූවක් බවයි.
වසර පහක කාලයකින් අවසන් නොවන පරිදි සමස්ත පාලන යාන්ත්‍රණයම සිය පක්ෂයේ පූර්ණ ආධිපත්‍යයට යටත් කරගැනීම මොවුන්ගේ සැබෑ අරමුණ වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.
මෙම සැලසුමේ ප්‍රධානතම පියවර අධිකරණ පද්ධතිය යටපත් කරගැනීම වන අතර, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හිමි විය යුතු දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු පවා අහිමි කරමින් පිටතින් සිය පාක්ෂිකයන් ඒ සඳහා බඳවා ගනිමින් සිටින බවට ද ඔහු පැවසීය.
එසේම වත්මන් පරිපාලනය යටතේ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන මෙහෙයවනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝග මත නොව, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙන විධානවලට අනුව බවට ද ගම්මන්පිල මහතා චෝදනා කළේය.
මීට පෙර පැවති කිසිදු රජයක් යටතේ සිරිකොත, නෙළුම් මාවත හෝ ඩාර්ලි පාර යන පක්ෂ කාර්යාලවලින් රට පාලනය නොකළ බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා, මෙවැනි ක්‍රියාමාර්ග හරහා රට භයානක ඒකපාක්ෂික ඒකාධිපති පාලනයක් කරා තල්ලු වෙමින් පවතින බව අවධාරණය කළේය.
