September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජිෆ්රි මොහොමඩ් කියූ ඇතැම් නම් හන්ගලා ! හනීෆ්, වසන්ත, බිමල් ඩොලර් රට යවලා

1 min read

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් නීතිවිරෝධී ලෙස විදේශයන්ට ඩොලර් යැවීමේ මහා පරිමාණ මූල්‍ය අපරාධ චෝදනා යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් ජිෆ්රි මොහොමඩ්, ලබා දී තිබෙන ප්‍රකාශයෙහි සඳහන් ඇතැම් පුද්ගල නම්, අධිකරණයට කරුණු වාර්තා කිරීමේ දී පොලීසිය විසින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

අඩු ආදායම්ලාභී පුද්ගලයන් 36 දෙනෙකුගේ නමින් ව්‍යාජ සමාගම් හා බැංකු ගිණුම් අරඹා, කිසිදු භාණ්ඩයක් ලංකාවට ආනයනය නොකර ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් (TT) ක්‍රමය ඔස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 1 කට ආසන්න මුදලක් ජිෆ්රි මොහොමඩ් විසින් රටෙන් පිටතට යවා තිබේ. එසේ විටින් විට යවන ලද්දේ කවර පුද්ගලයන්ගේ මුදල් ද යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේ දී ඔහු විසින් පවසා ඇති නම් අතර, බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ හා බිමල් රත්නායක, වසන්ත සමරසිංහ යන ඇමතිවරුන්ගේ නම් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද “බී” වාර්තාවෙන් ඉවත් කර තිබේ. මේ පිළිබඳව ජිෆ්රි මොහොමඩ් විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරින්ගෙන් විමසා ඇති අතර, ඔවුන් එයට නිසි පිළිතුරක් නොදී මගහැර ඇත.

ජනප්‍රිය පුවත්  රටම ඉවරයි! පලස්තීන සරණාගතයන් ලංකාවට!

තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත මෙය සිදුකර ඇති බවයි.

  • තාරක ගොඩහේවා
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x