October 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. – ජාතික සංවිධාන කියයි

1 min read

අනුරාධපුර පූජාභූමි සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක සභාවක් පිහිටුවීම මගින් මීට පෙර ක්‍රියාකිරීමට උත්සාහ කළ ආකාරයේ වෙනසක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව පළ කරන ලද අදහස් ඔහුගේ වචනවලින් මෙසේ දැක්වේ.

“ජනාධිපතිවරයා උපක්‍රමයක් ලෙස හෝ අඩියක් පිටුපසට ගැනීම මේ රටේ බහුතර ජනතාවගේ ජයග්‍රහණයක්. අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘති යෝජනාව සකස් කළේ යම් තෝරාගත් නිලධාරීන් පිරිසක් දොරවල් වහගෙන. ඔවුන් මහා සංඝරත්නයේ උපදෙස් පමණක් නොව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ මූලික සමීක්ෂණ වාර්තාවක් හෝ ලබාගත්තේ නැහැ. ඉන්දියානු තානාපති කාර්යාලයේ අනුමැතිය පමණක් ලබාගත්තා. ඒ අනුව ඉතාම හිතුවක්කාරී ලෙස ඒකපාර්ශ්වීයව ගැසට් එක නිකුත් කළා.

නමුත් මහජන විරෝධය නිසා දැන් ක්‍රියාවලිය වෙනස් කරන්න සිදුවුනා. නමුත් අවදානය වෙනස් වුවහොත් නැවත වටයකින් ඉන්දියානු උවමනාවන් ඉටු කිරීම සඳහා හිතුවක්කාර ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්. ඒ නිසා පළමු වටයේ දී මහා සංඝරත්නය විසින් මූලික කොන්දේසි ප්‍රමාණයක් දැමිය යුතුයි. ඒවා මෙසේ දැක්විය හැකියි.

  1. නිකුත්කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවා ව්‍යාපෘති යෝජනාව මහා සංඝරත්නයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුයි.
  2. ව්‍යාපෘති යෝජනාව නැවත සකස් කිරීමට පෙර මූලික පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තාව ලබාගත යුතු අතර, එය ප්‍රසිද්ධ කළ යුතුයි.
  3. යුනෙස්කෝ පිළිගැනීම අනුව මූලික කොන්දේසියක් ලෙස අනුරාධපුර පූජා නගරය බෞද්ධ පූජා නගරයක් ලෙස ප්‍රකාශයට පත්කළ යුතුයි.
  4. “වෙනිස්” ප්‍රඥප්තියට ගරු කරමින් ඓතිහාසික චෛත්‍ය නිර්මාණ ශිල්පයට ගරු කරමින් නව අංග එකතු කිරීම නොකළ යුතු අතර, ඒ අනුව රුවන්වැලි සෑය වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීම නොකළ යුතුයි.
  5. සංචාරකයින්ට පහසුකම් සැලසීම මුල්කරගෙන ප්‍රදේශයේ පදිංචි ජනතාව ඉවත් නොකළ යුතු අතර, සංචාරකයින් සඳහා ඉදිකරන පහසුකම් සඳහා පූජා නගර වත් පිළිවෙත් සැලකිල්ලට ගනිමින් කොන්දේසි පැනවීම.
  6. පරිසර ආරක්ෂාව නාමයෙන් ඓතිහාසික වත්පිළිවෙත් වලට සීමා පැනවීම නොකළ යුතුයි.
  7. පූජා නගරයට ඇතුළුවීම සඳහා මහ ජනයා දැනට භාවිත කරන ප්‍රවේශ මාර්ග අවහිර නොකළ යුතුයි.
  8. සංවර්ධන ක්‍රියාවලිය අධික්ෂණය සඳහා දැනට පත්කළ උපදේශක සභාවේ කාලය දීර්ඝ කිරීම.
  9. පූජා භූමිය තුළ දැනට හින්දු කෝවිල් 2ක් සහ මුස්ලිම් පල්ලියක් ලෙස පවතින ස්ථාන පුළුල් කිරීම නොකළ යුතුයි.
  10. පූජා නගරය තුළ භෞතික පහසුකම් ඉදිකිරීමේ දී බෞද්ධ වත් පිළිවෙත්, අධ්‍යාත්මික සංවර්ධනය, භික්ෂූන්ට සහ වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සඳහා මිස සංචාරකයන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා නොදිය යුතුයි.”
ජනප්‍රිය පුවත්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා මහජන පෙත්සමක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x