November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාසල් වෑන්රථ ගාස්තු ගැනත් තීරණයක්

1 min read

ඩීසල් මිල ඉහළ ගියද මේ අවස්ථාවේදී පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති නමුත්, දෙමාපියන්ට තවදුරටත් බරක් පැටවීමේ අපේක්ෂාවක් නොමැති බවයි.

එමෙන්ම, ඩීසල් මිල අඩු කිරීමට හැකි වුවහොත් එම සහනය පාසල් ළමුන්ගේ දෙමාපියන් වෙත ලබාදීමට හැකි බවද ඔහු සඳහන් කළේය.

“ඩීසල් මිල වැඩි කළත් අපි පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් නම් ඩීසල් මිල කීයකින් හරි අඩු කරලා දෙන්න. එහෙම වුණොත් ඒ සහනය දෙමාපියන්ට ලබාදෙන්න අපට පුළුවන්” යනුවෙන් මල්ශ්‍රී ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x