October 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුසියා-යුක්‍රේන යුද්ධය නිමා කිරීමට ඉන්දියාව මගක් සොයයි

1 min read

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉන්දියාව හුදු උපදේශනයෙන් පමණක් නතර නොවී ඊටත් වඩා සක්‍රීය මැදිහත්වීමක නිරත වන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් ප්‍රකාශ කරයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යන දෙදෙනාම නවදිල්ලිය ඉදිරිපත් කළ යෝජනාවලිය අගය කිරීමෙන් පසුවය ඔහු මේ බව පවසා තිබුණි.

නවදිල්ලියේ පැවැති මියුනික් ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් පවසා ඇත්තේ, කළු මුහුදේ නාවික ගමනාගමනය ආරක්‍ෂා කිරීමේ සිට බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර නතර කිරීම දක්වා වූ යෝජනා රැසක් පිළිබඳව පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව, රුසියාව සහ යුක්‍රේන පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කළ බවය.

මෙම යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් අපක්ෂපාතී පිළිවෙතක් අනුගමනය කළ අතර සටන් විරාමයක් සඳහා දිගින් දිගටම ඉල්ලා සිටියද, රුසියාව සමඟ පවතින සමීප ආරක්ෂක සහ ද්විපාර්ශ්වික සබඳතා හේතුවෙන් රුසියාව සෘජුව විවේචනය කිරීමට ඉන්දියාව මැලිවන බවක් පෙන්නුම් කළේය.

කෙසේවෙතත්, කිර්ගිස්ථානයේ පැවැති ශැංහයි සහයෝගිතා සංවිධාන (SCO) සමුළුව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති පුටින් හමුවී මෙම යුද්ධය අවසන් කරන ලෙස යළිත් ඉල්ලා තිබුණි.

ජනප්‍රිය පුවත්  එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 80ක්

අමාත්‍ය ජයිශංකර් වැඩිදුරටත් අවධාරණය කළේ, දෙපාර්ශ්වය අතර පවතින සතුරුකම් අඩු කිරීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර සම්බන්ධයෙන් ඉන්දියාව මේ වනවිට රුසියාව මෙන්ම යුක්‍රේනය සමඟද අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x