October 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිදහසේ පාද යාත්‍රාවේ පළමු දිනය කඩුගන්නාවෙන් අවසන්

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා අද (10) පෙරවරුවේ මහනුවරින් ආරම්භ කළ නිදහසේ පාද යාත්‍රාවේ පළමු දිනය කඩුගන්නාවෙන් අවසන් කරන ලදී.

සංඝරත්නය දින 6ක් පුරා පාගමනින් කොළඹ දක්වා වැඩමකිරීමට නියමිතය.

සිරදඬුවම් නියමවී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අද පෙරවරුවේ ”සිවුරට යුක්තිය” යනුවෙන් අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් පැවැත්විණි.

ඒ මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්‍ය තල්පොත ධම්මජෝති හිමි, පුජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ බොහෝ නමකගේ වැඩමවීමෙනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x