September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 80ක්

1 min read

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර උත්සවය එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හෙට (06) පෙරවරු 9 ට පැවැත් වේ.

මෙවර සංවත්සර ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ආදි කර්තෘවරුන්ගේ පිළිරූ වලට මල්දම් පළඳවා උපහාර පළ කිරීමෙන් පසු සංවත්සර උත්සවය ඇරැඹෙයි.

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයෙන් අනතුරුව ලබන දෙසැම්බර් මාසයේ පක්ෂ සම්මේලනය දක්වාම අඛන්ඩ ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වෙන බව ද වජිර අබේවර්ධන මහතා කීය.

එමෙන්ම එජාප සංවත්සර උත්සවයට විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනා කර තිබෙන බවද එජාප සභාපතිවරයා කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x