මණ්ඩලේ කචල් ! පැලවත්තේ කලබල !
1 min read
ජනාධිපති අනුර කුමාරගේ ආරාධනය පරිදී, ජනාධිපති මාධ්ය අංශයේ “අන්තර්ජාතික මාධ්ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂ” තණතුර බාර ගැනීම සඳහා එංගලන්තයේ සිට ලංකාවට පැමිණි ප්රවීණ ජනමාධ්යවේ දී අනුරුද්ධ ලොකුහපුආරච්චි ජනාධිපතිවරයා කෙරෙහි ඇති වී ඇති කලකිරීම මත එම තණතුර අතහැර යළි එංගලන්තය බලා ගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු අදාල තණතුර බාරගනු ලැබුවේ 2025 පෙබරවාරි 24 වැනි දා ය. දශක දෙකකට වඩා වැඩි කාලයක් “රොයිටර්” ප්ර්රවෘත්ති සේවයේ රැකියාව කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි එංගලන්තයේ දී සිය මිතුරන් සමඟ පවසා ඇත්තේ තමන් අපේක්ෂා කළ ගමන ජනාධිපතිවරයා නොයන බවයි.
මේ අතර, ආණ්ඩුවේ ගමන පිළිබඳව තීරණ ගැනීමට සතිපතා රැස්වන “මාලිමා” කමිටුවට පසුගිය සතියේ ජනාධිපතිවරයා සහභාගිවීමෙන් වැලකී සිට තිබේ. පැලවත්තේ පැවැත්වෙන මෙම කමිටුවට ජනාධිපතිවරයාට අමතරව, ටිල්වින් සිල්වා, අගමැතිනි හරිනි අමරසූරිය, අමාත්ය බිමල් රත්නායක ඇතුළු පිරිසක් සහභාගි වේ. පසුගිය සතියේ පැවති එම හමුවට ජනාධිපතිවරයා සහභාගිවීමෙන් වැලකී සිටියේ සිතා මතාම බව අපගේ ආරංචි මාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ ආණ්ඩුව අභ්යන්තරයේ උද්ගතව තිබෙන මතභේදාත්මක තත්ත්වය බව පැවසේ.
අමාත්ය ලාල් කාන්ත හා නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න පොළොන්නරුව හා අනුරාධපුර පැවැති රැස්වීම් සඳහා සහභාගි කර නොගැනීමද අභ්යන්තර අර්බුදයක ප්රතිඵලයක් බවද අපගේ ආරංචි මාර්ග කියා සිටී. ලාල් කාන්ත අමාත්යවරයා තම රියදුරුව පවා යොදාගනිමින් විවිද කටයුතු ඉටුකරදීම සඳහා මුදල් ලබාගැනීම පිළිබඳ පැමිණිලි රැසක් පැලවත්තට ලැබී ඇතැයි පැවසේ. ඔහුගේ අමාත්යාංශය යටතේ පවතින ආයතන හරහා යම් අවශ්යතාවන් ඉටුකර ගැනීමට පැමිණෙන පුද්ගලයන් වෙතින් මුදල් ලබාගෙන අදාළ අවශ්යතාව ඉටුකරදීම සුබල අත්දැකීමක් බවට මේ වන විට පත්ව ඇතැයි පැවසේ.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති මහජන රැස්වීම් ද කිසිදු යහපත් ප්රතිඵලයක් ගෙන නොදීම පිළිබඳව ද ජ.වි.පෙ. තුළ සාකච්ඡාවට ලක් වෙමින් තිබේ. එමෙන්ම, ජනාධිපති අනුර කුමාර හා අමාත්ය බිමල් රත්නායක අතර ද කලත් තිස්සේ පැවති ගැටුම මේ වන විට බොහෝ දුරට උග්රව ඇතැයි වාර්තා වේ.
අපගේ ආරංචි මාර්ග පවසන්නේ 2027 මැද භාගය වන විට ජ.වි.පෙ. අභ්යන්තරය දෙදරා යාමට ඇත්තේ වැඩි ඉඩ කඩක් බවයි.
- රවී තිත්තවැල්ල
