November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුවන්වැලි සෑයට සහ ආගමික ස්ථානවලට බලපෑම් කළහොත් පාලකයන්ට දැඩි විපාක.. – මියුරු සම්පත් ලියනගේ අනතුරු අඟවයි

1 min read

ජ්‍යෝතිෂවේදී මියුරු සම්පත් ලියනගේ මහතා පවසන්නේ අනුරාධපුර අටමස්ථානයට සහ රුවන්වැලි මහා සෑයට යම් අයුරකින් බාධා කිරීම් හෝ අනිසි බලපෑම් සිදු කළහොත්, වත්මන් පාලකයන්ට මෙන්ම ඉන්දියානු අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පාර්ශ්වයන්ටද දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි.

අන්තර්ජාල වීඩියෝ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රුවන්වැලි මහා සෑය යනු ලංකාවේ කුසලය, ශක්තිය සහ බලය වැඩියෙන්ම පවතින ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් බවත්, එය වෙනත් තැනක නිර්මාණය කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඇතැමුන් රුවන්වැලි සෑය වටා බාධක යෙදීමට සහ ඒ ආශ්‍රිත භූමි සංවර්ධන හරහා ව්‍යාපාරික අවකාශයන් නිර්මාණය කරමින් ජනතාව ආගමෙන් හා අධ්‍යාත්මයෙන් දුරස් කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි. තවද, ඉන්දියාව විසින් තම අධ්‍යාත්මික සහ හින්දු බලපෑම් ව්‍යාප්ත කිරීම සඳහා මෙවැනි කේන්ද්‍රස්ථාන ඉලක්ක කරමින් විවිධ සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි.

අතීතයේ පූජනීය ස්ථාන සහ නිධන් විනාශ කළ පාලකයන්ට මෙන්ම ධර්මයට අපහාස කළ අයට ස්වභාවධර්මයෙන් දැඩි දඬුවම් ලැබී ඇති බව සිහිපත් කරන ඒ මහතා, රුවන්වැලි සෑයට අත තබන ඕනෑම පාලකයෙකුට අනාතයෙහි දැඩි විනාශයකට හා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x