වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. – විමල් වීරවංශ
1 min read
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝව අමෙරිකාව විසින් පැහැරගෙන යාමෙන් පසු අන්තර් කාලීන ජනාධිපති ලෙස ඩෙල්සි රොඩ්‍රිගස් පත්වූ බවත් සඳහන් කරන ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ එළියට වට්ටවා අනුර කුමාර සිදුකළේ අමෙරිකාව නිකොලස් මධුරෝව පැහැරගත් ලෙසින් වන ක්‍රියාවක් බවත් සඳහන් කරයි.
වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් මගින් අමෙරිකාවට අවශ්‍ය සියලුම දේ කරගනිමින් සිටින බවත්, මෙරට ජනාධිපති ද සිදුකරනේ ඒ හා සමානම ක්‍රියාවලියක් බවත් ඔහු පවසයි.
