September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි” – මහින්ද කියයි

1 min read

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අනුරාධපුරයේ පැවැති ජන රැලියෙන් අනතුරුව තැබූ නිල ෆේස්බුක් සටහනක් මගින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් භයානක බවත්, තමන්ගේ රට පුද්ගලික වාසියට පාවාදෙන්නන් මෙන්ම එම පාවාදීම් සාධාරණීකරණය කරමින් අයහපත සමාජගත කරන්නන් අතිශය භයානක බවත් හෙතෙම එම සටහන මගින් පෙන්වා දෙයි.

එමෙන්ම, ජනතාවගේ සහයෝගයෙන් මව්බිම සුරක්ෂිත කරමින්, ජනතාව සතුටින් හා ආරක්ෂිතව ජීවත්වන යුගයක් නැවත ගොඩනැගීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන අරමුණ බවයි ඔහු සඳහන් කරන්නේ.

අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ වුවද පීඩාවන් ඉවසමින් අනුරාධපුරයට පැමිණි ජනතාවටත්, වැඩමවා වදාළ මහා සංඝරත්නයට, පැරණි දේශපාලන සගයන්ට මෙන්ම නවක දේශපාලන තරුණ පිරිසටත් හිටපු ජනාධිපතිවරයා සිය හෘදයාංගම ස්තූතිය එම සටහන මගින් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x