November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාල ගල් අඟුරු පාඩුව සමාගම් දඩයෙන් පියවන්න පුළුවන් කියල මම කිව්වෙ නෑ.. රටට පාඩු වෙන එක වළක්වන්නත් බෑ.. – බලශක්ති ඇමති

1 min read

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය නිසා සිදුවූ පාඩුව සමාගමට දඩ මුදල් පනවා සම්පූර්ණයෙන් අයකරගත හැකි යැයි තමන් නොකී බව බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක පවසයි.

පසුගියදා (02) දෙරණ නාලිකාවේ 360 දේශපාලන සංවාදයට එකතු වෙමින් ඔහු මේ බව කීය.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය නිසා රු. බිලියන 15.765ක පාඩුවක් සිදුව ඇති අතර අදාළ සමාගමෙහි රු. බිලයන 6.869ක මුදලක් රඳවා ගෙන ඇති බවයි.

“මම පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශයේ අරමුණ වෙන්නේ මේ ගල් අඟුරුවල ප්‍රමිතිය නිසා කිසිම ගැටලුවක් පැනනැඟුණේ නැහැ, අලාභයක් සිද්ධ වුණේ නැහැ, ඒක අපි සමාගම්වලින් අය කරගෙන තියෙනවා කියන අදහස දෙන්න නෙවෙයි.

මේ ගල් අඟුරුවල ප්‍රමිතිය නිසා ගැටලුවක් පැන නඟිනවා. ඒක නිසා සමස්තයක් හැටියට පාඩුවක් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බැහැ. හැකිතාක් ප්‍රමාණයක් අපි මේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ සමාගම්වලින් අයකර ගැනීම සඳහා කටයුතු කරනවා.”

සමාගම සිය රැඳවුම් ගාස්තු නැවත ලබා ගැනීමට අධිකරණයට යනු ඇති හෙයින් අදාළ මුදල 100%ක් ලංකාවට හිමි වේ යැයි නොසිතිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  ඉබෝලා මට්ටුවට IDH සූදානම්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x