November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. – ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

1 min read

ජාතික ජනබලවේගය එදා විපක්ෂයේ සිටිය දී පැවසූ කතා අද වන විට විහිළුවක් බවට පත්ව ඇති බවත්, එය දැන් රටම දන්නා කාරණයක් වී ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

විශේෂයෙන්ම වෙළඳපොලේ මතු වී තිබෙන ගෑස් හිඟය සහ පෝලිම් යුගය හමුවේ ලිට්රෝ සහ ලාෆ්ස් යන ප්‍රධාන සමාගම් දෙකේ සැපයුම් ජාලය කඩා වැටීම හේතුවෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවක් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ලෝකයේ කුමන අර්බුදයක් ඇති වුවද රට තුළ ස්ථාවර සැපයුම් පද්ධතියක් පවත්වා ගැනීමට පාලකයන්ට හැකියාව තිබිය යුතු බවට වත්මන් ආණ්ඩුවේ නායකයින් එදා විපක්ෂයේ සිටියදී දැඩි ප්‍රකාශ කළ බව සිහිපත් කළ ඔහු, අද එම අර්බුද හමුවේම වත්මන් රජයටද එම ගැටලුම විසඳා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එදා කළ ප්‍රකාශ අද වන විට විහිළුවක් වී ඇති බව සඳහන් කළේය.

මීට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේ බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය හඳුන්වා දෙන අවස්ථාවේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් එය දැඩි ලෙස විවේචනය කළද, අද වන විට වත්මන් රජයද එම ක්‍රමවේදයම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බැවින් එදා කළ විරෝධතා සහ අද ගෙන යන ප්‍රතිපත්ති අතර පවතින පරස්පර ස්වභාවය ඔහු දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

ජනප්‍රිය පුවත්  මාලිමාවේ ඉන්නෙත් හොරු කියලා හිතන්න එපා! අපි එහෙම නැහැ! බිමල් රත්නායක

මීට අමතරව පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව මඟින් ආණ්ඩුව බලයෙන් පහ කිරීමට නොහැකි වුවද, නීතිමය හා නිල නිවාස භාවිතය ඇතුළු බරපතල චෝදනා හමුවේ වත්මන් පාලකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ඔහු පැවසීය.

එපමණක් නොව, 2002 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරුන් හය දෙනෙක් යටතේත් ජල සේවා සහ ඛනිජ තෙල් වෙළඳපොළ නියාමනය කිරීමේ බලතල මහජන උපයෝගිතා කොමිෂන් පනතට ඇතුළත් කිරීමට මෙතෙක් කිසිදු පාර්ලිමේන්තුවක් කටයුතු නොකිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අසාධාරණයකට මුහුණ දී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x