August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආරවුල් විසඳීමට විකල්ප ක්‍රමවේදවලට යොමුවීම වැදගත් – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ

1 min read

අධිකරණවල යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය ජාතික ගැටලුවක් බවට පත්ව ඇති පසුබිමක ආරවුල් විසඳීම සඳහා විකල්ප ක්‍රමවේදවලට යොමුවීම වැදගත් බව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් යසන්ත කෝදාගොඩ මහතා මේ අදහස් පළකළේය.

“අපි වගේ රටවල අධිකරණවල නඩු ඉහළ යාම මෙන්ම යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය ජාතික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. එය රටේ නායකත්වයේත්, අධිකරණයේත්, මහජනතාවගේත් අවධානය ලක්වූ ප්‍රශ්නයක් වී තිබෙනවා. දිගුකලක් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් ඊට හේතු වී ඇති කරුණු කිහිපයක් අවබෝධ කර ගැනීමට හැකිවුණා. මෙහි කාලීන ගැටලුවක් වී ඇත්තේ ආරවුල් විසඳීමේ වෙනත් ක්‍රමවේදයක් නොව නඩුකරණයම තෝරා ගැනීමට අප නීති වෘත්තිකයින් ලෙස ක්ෂණිකව කටයුතු කිරීමයි. එය අපේ නීති අධ්‍යාපනය තුළින්ම ඇරඹෙනවා. ආරවුල් විසඳීමේ උච්චතම සහ වඩාත් ඵලදායි ක්‍රමය ලෙස අධිකරණමය තීන්දු වෙත ලක්වන නඩුකරණ අප දැක තිබෙනවා. ඒ නිසා නීති වෘත්තිකයින් මෙන්ම නීති අධ්‍යයන ක්ෂේත්‍රයද මේ සඳහා යම් තරමකට වගකිව යුතුයි. සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම, මැදිහත්වීම, සංහිඳියාව, බේරුම්කරණය වැනි ආරවුල් විසඳාගැනීමේ ක්‍රමවේද අධිකරණමය තීන්දු ලබාදීමේ ක්‍රමයට විකල්ප ලෙස පමණක් අපි දකිනවා. නමුත් ඒවා අධිකරණ තීන්දු ලබාදීමේ ක්‍රමයට සාපේක්ෂව දුර්වල විකල්ප නොවෙයි. + සංකීර්ණ වාණිජ ආරවුල් සහ අපරාධ සම්බන්ධ ආරවුල් විසඳිය හැක්කේ අධිකරණ විනිශ්චයන් හරහා පමණක් වුවත් පුද්ගලයින්, සංවිධාන සහ ආයතන මුහුණ දෙන ආරවුල්වලින් 90%ක්ම විකල්ප ක්‍රම හරහා ඵලදායී ලෙස විසඳාගත හැකි බවයි මගේ හැඟීම.”

ජනප්‍රිය පුවත්  ණය ගැනීම ප්‍රශ්නයක් නැහැ| කලින් ආණ්ඩු කරපු විදිට අපිත් ණය ගන්නවා – අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x