September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

FCIDයට කැඳවීමක් තිබියදී ශිරන්ති රටින් පිට වූ බවට පළවන වාර්තා අසත්‍යයි

1 min read

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවය.

එමෙන්ම, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවද එම සාමාජිකයා පැවසීය.

ගුවන් යානය අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ කැඳවීමේ ලිපිය ගෙනැවිත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත භාරදී ඇති බවද එම සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර FCID වෙතින් ශිරන්ති රාජපක්ෂට කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවත්, අදාළ ලිපිය භාරදී ඇත්තේද ඇය ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව බව රාජපක්ෂ පවුලේ සාමාජිකයා වැඩිදුරටත් පැවසුවේය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළැඹෙන 19 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x