October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක පාලනය අමෙරිකාවට

1 min read

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක් පාලනය කිරීම සඳහා අමෙරිකාව, වෙනිසියුලාව සමග දැවැන්ත ගිවිසුමකට එළඹ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගුඑස් යන මහත්ම මහත්මීන් විසින් මෙම ගිවිසුම සාකච්ඡා කර ඇති බව ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහනක් මගින් තහවුරු කළේය.

ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම මෙය බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා අදාළ සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.

මෙම ගිවිසුමට අදාළව නිවේදනයක් නිකුත් කරමින් වෙනිසියුලානු වැඩබලන ජනාධිපතිවරිය සඳහන් කර ඇත්තේ, තෙල් බැරල් බිලියන 65ක නිශ්චිත ධාරිතාවක් සහිත තෙල් නිධි 17ක් සංවර්ධනය කිරීම මෙහි අරමුණ බවය.

කෙසේ නමුත් එය වෙනිසියුලාවේ සමත්ත තෙල් සංචිතවලින් පහෙන් එකක් බව සඳහන්ය.

මෙමගින් වෙනිසියුලානු ඛනිජ තෙල් කර්මාන්තයට ඩොලර් බිලියන 100ක ආයෝජනයක් ආකර්ෂණය කර ගැනීමටත්, කරාකස් පාලනයට ඩොලර් බිලියන 209කට වැඩි බදු ආදායමක් උපයා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇති බවය.

මෙම ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මකවීමෙන් වෙනිසියුලාවේ මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති විශාල ඛනිජ තෙල් සංචිත අත්පත්කරගැනීමට අමෙරිකාවට අවස්ථාව හිමිවනු ඇත.

ජනප්‍රිය පුවත්  අයර්ලන්තය ගිනිගනී | ශ්‍රී ලාංකිකයින් ආරක්‍ෂිත ද?
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x