September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා..” ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? – පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

1 min read

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (12) අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘ජන සටන’ ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා සඳහන් කළේ, ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පිළිබඳව විමර්ශන සිදු නොවන බවයි.

“මේ අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හදලා ඉන්නවා, ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නෑ. ක්‍රිප්ටෝ වසන්තලා කළු රාජ්‍යයට අයිති නෑ. තමා එක්ක ලගින, තමා එක්ක ඉන්න කිසිම කෙනෙක් කළු රාජ්‍යයට අයිති නෑ,” යනුවෙන් ඔහු පැවසුවේය.

එමෙන්ම රිෂාඩ් බදියුදීන්ට එරෙහිව චෝදනා රැසක් පැවතියද, ඔහුව දඩයම් මන්දිරයට හෝ නොකැඳවන බවට ද වීරවංශ මහතා මෙහිදී චෝදනා කළේය.

ඩයස්පෝරාවෙන් මුදල් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා කළ ප්‍රකාශය ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ, එලෙස ලබාගත් මුදල් වෙනුවෙන් එකඟ වූ කොන්දේසි ඉටු කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බවයි.

ජනප්‍රිය පුවත්  ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

උතුරේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් එම මුදල් භාවිත කළ බවත්, එම නිසා ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x