මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
1 min read
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
රටේ කෘෂිකර්මාන්තයට සෘජුවම වගකියන විෂයභාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුව සංවිධානය කළ මෙම විශේෂිත ගොවි හමුවට එක් නොවීම කැපී පෙනෙන සිදුවීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පසුගිය කාල සීමාවේදී වී සඳහා ස්ථාවර මිලක් තීරණය කිරීම සහ පොහොර සහනාධාරය ලබාදීම ඇතුළු ගොවි ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ප්‍රදේශ රැසක ගොවි සංවිධානවලින් මෙම අමාත්‍යවරුන් දෙදෙනා වෙත දැඩි විවේචන එල්ල වී තිබිණි.
