September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිංහයෙක් වෙනුවට නරියෙක් රජ කරවලා ජනතාව විශාල වරදක් කළා…! – අර්චුනා රාමනාදන්

1 min read

ඕනෑම අවස්ථාවක තමන් සිංහල ජනතාව සමග රට වෙනුවෙන් සිට ගන්නා බව දෙමළ ජනතාව රටට ප්‍රකාශ කරන ලෙස දැනුම් දුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (12)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරේ පැවැත්වූ ජනරැලියට එකතු වෙමිනි.

සිංහල ජනතාව කියන විට තමන්ට සිහිපත් වන එකම නාමය මහින්ද රාජපක්ෂ පමණක් බවද අර්චුනා රාමනාදන් අවධාරණය කරයි.

කැලයක සිංහයකු හෝ කොටියකු රජ විය හැකි වුවද ජනතාව නරියෙකු රජ කර ඇතැයිද 76 වසරක ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදු නොවූ බවත් එය ජනතාව කළ විශාල වරදක් බවත් හෙතෙම සඳහන් කරයි.

දෙමළ ඩයස්පෝරාව ජනාධිපතිවරණයේදී විශාල මුදලක් වියදම් කළ බවත් අවසානයේ කොත්තමල්ලි ජනාධිපතිතුමාට තමන්ද රැවටුණු බවත් අර්චුනා රාමනාදන් ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x