ජනාධිපතිගේ “ඇම් බුෂ්” ගුබ්බෑයම !
1 min read
ලංකාවේ ඕනෑම පුද්ගලයෙක්, කණ්ඩායමක්, ප්‍රජාවක් තමන්ගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ජනාධිපති කාර්යාලය කියන ගුබ්බෑයමට රිංගීම මෝඩ වැඩක්.
ජනාධිපති එතනට කාටහරි ආරාධනා කරනවා නම්, ඒ ආරාධනා කරන්නේ සාකච්ඡා කරලා, ප්‍රශ්න අහලා, ඒවා විසඳීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි.
තමන්ගේ ගුබ්බෑයමට ගෙන්න ගෙන, තමන්ගේ කැමරා අටවාගෙන, තමන්ට ඕන කතාව කියලා, ඒ ප්‍රශ්නය නිසා ඇතිවෙලා තියෙන ජන අප්‍රසාදය හැන්ඩ්ල් කරන්න විතරයි ජනාධිපතිට උවමනා.
ඒක හරියට ‘ඇම්බුෂ්’ එකක්. එහෙම නැත්නම් රැක සිට, සුදානම් වී කරන පහර දීමක්.
ඔහුගේ උවමනාව ප්‍රශ්නය ඇති පිරිස මාධ්‍ය මෙහෙයුමෙන් පරාජය කිරීම මිසෙක ප්‍රශ්නය විසඳීම නෙවෙයි.
එතන දී ඔහු කළින් කියන්න අවශ්‍ය කතාව සුදානම් කරගෙන එනවා. ඒ කතාව ඇතුළේ ඔහු ඩෝබීන් චූන් කිරීමට අවශ්‍ය කාරණා ඉස්මතු කරනවා.
අනිත් පාර්ශවය මොනවා කිව්වත් ඔහු ඒ කතාව අහන් ඉන්නේ නැහැ. වෙලාවම ආවම කැමරාවට තමන්ගේ කතාව කියනවා.
ඔහු එතැන දී කතා කරන්නෙත් කැමරාවට මිසෙක සාකච්ඡා මේසයේ අනිත් පාර්ශවයට නෙවෙයි.
ඉතිරි ටික ජනාධිපති මාධ්‍ය අංශයෙන් කරනවා. ඔවුන් ජනාධිපතිගේ කතාව විතරක් මාධ්‍යයට යවනවා.
අනිත් පාර්ශවයේ කතාව හිතාමතාම සඟවනවා.
තමන්ගේ පේජ් වලින්, සෝෂල් මීඩියා වලින් ජනාධිතිගේ කතාව පමණක් පළ කරනවා.
ඊටපස්සේ ඩෝබියො ටික
“කොහොමද අපේ ලොක්කා දුන්නා නේද” කියලා කමෙන්ට් කරන්න ඩෝබි හමුදාව එවනවා.
ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ නිසා තිබුණු අපවාදය හැන්ඩ්ල් කරනවා. ඔච්චරයි.
ඊයේ නායක හාමුදුරුවරුන් අනුරගේ මූනටම දැඩි ස්වරයෙන් තමන්ගේ කලකිරීම කියලා තියෙනවා.
ආණ්ඩුව බුදු දහමට කරන කැත වැඩ ගැන කතා කරලා තියෙනවා.
හැබැයි ඒ කිසිම දෙයක් ජනතාව දැක්කේ නැහැ. ඇයි ?
ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඒ වීඩියෝ නිකුත් කරන්නේ නැහැ.
ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැය එක හමාරක සාකච්ඡාවේ මිනිත්තු දහයක කොටසක් පමණක් පළ කරනවා.
ජනාධිපති මාධ්‍ය අංශය 22 ප්‍රශ්නේ වෙලාවේ මේ වැඩේම නීතිඥ සංගමයට කළා.
ඔවුන් රජීව් අමරසූරියගේ කතාව හැංගුවා. ජනාධිපතිගේ මිනිත්තු කිහිපයක වීඩියෝවක් පමණක් පළ කරා.
ඉන්පසුව ‘නීතිඥ සංගමය අනුර ඉදිරියේ හීලෑ වුණා’ කියලා ඔවුන් විසින්ම කිව්වා.
නමුත් නීතිඥ සංගමය අප්‍රසාදය පළ කරපු, විවේචනය කරපු, චෝදනා කරපු වීඩියො මිනිස්සු දැක්කේ නැහැ.
රජීව් විසින් තමන්ගේ කතාව ඉල්ලුවම ඔවුන් ඕඩියො නැති, අපැහැදිලි ක්ලිප් එකක් එව්වා.
ඊයේ ඔවුන් නායක ස්වාමීන් වහන්සේලාට මේ වැඩේ කළා.
මේ ඉතාම නරක, කැත, අශිෂ්ට වැඩ.
මේ බව දැන දැනත් කවුරුහරි තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ජනාධිපති හමුවෙන්න යනවා නම් ඒක ඉතාම මුග්ධ ක්‍රියාවක්.
මේ ජනාධිපති එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න බැහැ.
ඔවුන් නැමිය හැකි එකම ක්‍රමය ජනතා පීඩනය එල්ල කිරීමට පමණයි.
කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ආණ්ඩුව යටතේ හොඳම විකල්පය එළියේ ඉඳලා ඒ ගැන ජනතාවට කීම පමණයි.
ඔබ ප්‍රශ්නයක් ජනාධිපති එක්ක සාකච්ඡා කරන්න ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට පා තබන සැණින් ඔබ පරාදයි.
ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්නය විසඳන්න නෙවෙයි. මාධ්‍ය ඉදිරියේ ඔබ පරාජය කිරීමට පමණයි.
ඔවුන් සැලසුම් කරලා ඔබ උගුලට හසු කරනවා.
එමනිසා දැන්වත් මේ රටේ ගැටළු, ප්‍රශ්න ඇති පිරිස් සහ බලවේග ජනාධිපති සමග සාකච්ඡා ප්‍රතික්ෂේප කරලා එළියේ සමාජ විරෝධය ගොඩනගන්න.
මෙතෙක් ඔවුන් පරාජය වුණේ, තීරණ ආපසු හැරවූයේ එළියේ ගොඩනැගූ සමාජ විරෝධයෙන් මිසෙක එක්වරක් හෝ සාකච්ඡාවකින් ජනාධිපති හෝ ආණ්ඩුව නම්‍යශීලි වී නැහැ.
- Sachin Rathwatte
