කාදිනල් “මහ මොලකරු” සොයා ඉතාලි සංචාරයක
1 min read
කොළඹ අගරදගුරු ධූරයේ ලබන වසරේ (2027) නොවැම්බර් වන තුරු සිටීමට, වතිකානුව එකඟ කරගෙන ඇති කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්, එම තීරණයට මෙරට කතෝලික සභාවේ පියතුමන්ලා එකඟ කොට තබාගැනීම වෙනුවෙන් මේ දිනවල ඉතාලි සවාරියක නිරතව සිටී.
එම ඉතාලි සවාරියට මෙරට තරුණ කතෝලික පියතුමන්ලා රැසක් තම වියදමින් සම්බන්ධකරගෙන ඇති කාදිනල් මැල්කම් රංජිත්, එකී පියතුමන්ලා සමග ඉතා විනෝදබර ජීවිතයක් ගෙවමින් සිටින බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම මුස්ලිම් අන්තවාදයෙන් මුදලා යුද හමුදා බුද්ධි අංශය හා සිංහල දේශපාලන නායකයන් මත පැටවීමේ කාදිනල් මැල්කම් රංජිත්ගේ වෑයම මත තරුණ කතෝලික පියතුමන්ලා අතර ඔහුගේ ප්‍රතිරූපය ප්‍රශ්න කිරීමකට ලක්ව තිබුණි. මෙම ඉතාලි සවාරියෙන් කාදිනල් මැල්කම් රංජිත් බලාපොරොත්තු වන්නේ එම තත්ත්වය වෙනස් කර ගැනීම බව අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ.
කතෝලික සභා නීතියට අනුව, සෑම රදගුරුතුමෙකුම වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු සිය විශ්‍රාම පත්‍රය ශුද්ධෝත්තම පාප්වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව, කාදිනල් මැල්කම් රංජිත් ද විශ්‍රාම පත්‍රය වතිකානුවට ඉදිරිපත් කර ඇතත්, පාස්කු ප්‍රහාරය සිදුවීම හා වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීම යන කරුණ ඉදිරියට දමා ශුද්ධෝත්තම පාප්වහන්සේගේ අනුග්‍රහය මත විශ්‍රාම යාම පිළිනොගෙන, තවදුරටත් කොළඹ අගරදගුරු පදවියේ රැඳී සිටීමට කාදිනල් මැල්කම් රංජිත්ට හැකි විය.
1974 නොවැම්බර් 15 උපන් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ට වයස අවුරුදු 80 සම්පූර්ණ වන්නේ 2027 නොවැම්බර් මාසයේ දී ය. වතිකානුව, මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ විශ්‍රාමය නැවත සලකා බලන්නේ 2027 නොවැම්බර් වන විටය. මෙවර මෙම තරුණ කතෝලික පියතුමන්ලා වතිකානුව පිහිටා ඇති ඉතාලියට රැගෙන ගොස් ශුද්ධ වූ පාප්වහන්සේ ද බැහැදැකීමට අවස්ථාව සලසා එම පියතුමන්ලාට වතිකානුව තුළ තමන්ට ඇති පිළිගැන්වීම පෙන්වීමත්, පාප්වහන්සේට තමන්ට ලංකාවේ තරුණ කතෝලික පියතුමන්ලා ඉතා හිතෛෂී බව පෙන්වීමත් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ මෙම සවාරියේ ඉලක්කය වී තිබේ.
එමඟින්, එතුමන් උත්සාහ කරනුයේ තම විශ්‍රාම පත්‍රය තමන්ට වයස අවුරුදු 80 සම්පූර්ණ වන 2027 නොවැම්බර් මස පාප්වහන්සේ විසින් නැවත සලකා බලන විට, එවිට ද අගරදගුරු පදවියෙන් විශ්‍රාම නොගන්වා තබාගත හැකි පරිසරයක් වතිකානුව තුළ ඇති කර ගැනීමට ය.
සාමාන්‍යයෙන්, වයස අවුරුදු 80 ඉක්මා ගිය අගරදගුරු පදවි දරන පියතුමන්ලා ලොව සිටින්නේ, පාප්වහන්සේ සතු පරමාධිකාරී බලය මතය. එහෙත්, වයස අවුරුදු 80 ඉක්මවන අගරදගුරු හෝ රදගුරුවරයකුට ඉන් අනතුරුව අහිමිවන්නේ, නව පාප්වහන්සේතුමන් තීරණය කිරීමේ ඡන්ද බලය පමණි.
- ක්‍රිස්ටෝපර් ලෝගුස්




