සූරසේනගේ හොර උපන්දිනය මෙන්න බලාගන්න !
1 min read
නීතිවිරෝධී අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන මේ වන විට එම ධූරය දරන්නේ වංචාසහගතව බව පළමුව අණාවරණය කළේ අපය. ඊට අදාළ අපගේ පුවත් සබැඳිය මේ සමඟ දක්වා ඇත. තම උපන්දිනය කූඨ ලෙස වෙනස් කර, 2026.01.12 විශ්‍රාම යා යුතු සූරසේන තම විශ්‍රාම යා යුතු දිනය ලෙස 2026.12.01 ලෙස පෙන්වා තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නේ වංචාසහගතව ය.
විවිද ව්‍යාජ චෝදනා පදනම්කරගෙන විවිද මට්ටමේ විනිසුරුවන් 50 කට වැඩි සංඛ්‍යාවක් නෙරපාහැරියේ හෝ බලහත්කාරයෙන් විශ්‍රාමගැන්වූයේ මේ නීති විරෝධී අගවිනිසුරුය.
මේ සමග අප ඔබට ඉදිරිපත් කරනුයේ සූරසේනගේ හොර උපන්දිනය හෙළි කෙරෙන පළමුවැනි ලේඛනයයි. මෙම ලේඛනය ජයන්ත ජයසූරිය අගවිනිසුරු ලෙස සිටිය දී පැවති ලේඛනයකි. මේ වන විට මේ සියලු ලේඛන අතුරුදහන් කොට තිබේ. මෙහි දැක්වෙන්නේ ඒ අවස්ථාව වන විට අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ උපන්දින හා ඔවුන් එක් එක් අය විශ්‍රාම යාමේ දින ය. එහි “6” වැනි පේලියේ ඇත්තේ Hon. P.P. Surasena යනුවෙන් ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. එහි උපන්දිනය ලෙස දක්වා ඇත්තේ 12.01.1961 ය. තණතුර ලැබූ දිනය ලෙස දක්වා ඇත්තේ 09.01.2019 ය දිනය. Date of Retirement (විශ්‍රාම යන දිනය) ලෙස සඳහන් කර ඇත්තේ 2026.01.12 ය.
අප සතු සනාථ කළ හැකි සාක්ෂිවල පළමුවැන්න මෙලෙස ඉදිරිපත් කරමු. සූරසේනගේ විශ්‍රාම වයස දිගු කිරීමට යන අනුවන ජනාධිපති අනුර කුමාරට අප කියන්නේ, පළමුව ඔහුගේ නියම උපන්දිනය අනුව වහා එම ධූරයෙන් ඉවත් කරන මෙන්ය.
මීට පෙර (2018) දී නේපාලයේ අගවිනිසුරුව සිටි ගෝපාල් ප්‍රසාද් පරාජුලිගේ ද මෙලෙස නියමිත විශ්‍රාම යා යුතු දිනයේ විශ්‍රාම නොයා වංචනිකව එම ධුරයේ රැඳීසිටින බව එරට මාධ්‍ය මගින් අණාවරණය කළේය. එම අගවිනිසුරුවරයා සිය නිල ලේඛනවල සහ අධ්‍යයන සහතිකවල එකිනෙකට වෙනස් උපන්දින 5 ක් පමණ ඉදිරිපත් කර ඇති බව අණාවරණය කළේ නේපාලයේ ප්‍රධාන මාධ්‍ය මගිනි. නේපාලයේ ද අගවිනිසුරුවරයකු විශ්‍රාම ගත යුතු උපරිම වයස වූයේ ද වයස අවුරුදු 65 ය. පරීක්ෂණවලදී හෙළිවූයේ ඔහුගේ සැබෑ උපන්දිනය අනුව 2017 අගෝස්තු මාසයේදීම ඔහුට අවුරුදු 65 සම්පූර්ණ වී තිබූ බවයි. ව්‍යාජ උපන්දින පෙන්වමින් මාස 7 කට අධික කාලයක් නීති විරෝධී ලෙස ධූරයේ රැඳීසිටීම හේතුවෙන් 2018 මාර්තු මාසයේ දී නේපාල අධිකරණ සභාව (Judicial Council) මගින් ඔහුව වහාම ක්‍රියාත්මකවන පරිදි ධූරයෙන් පහ කිරීමට පියවර ගනු ලැබිණි.
සූරසේන තම පරමාදර්ශය බවට පත්කරගෙන ඇත්තේ මෙම නේපාල අගවිනිසුරු ගෝපාල් ප්‍රසාද් පරාජුලිගේ බව පැහැදිලි ය. ඉතිරි ලේඛන ජනගත කිරීමට පෙර අගවිනිසුරු ධූරය අතහැරයෑම දැන් සූරසේනට ඇති එකම විකල්පය බව අපගේ මතය වේ.

