July 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කැබිනට් පත්‍රිකාව සූරසේනගේ උපන්දිනේ හිර වේ !

1 min read

අගවිනිසුරු දේවගැති, සූරසේන වෙනුවෙන් වන, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ දී, ඒ සඳහා ක්‍රියාකළ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස බරපතල අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙරට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු වූ වසන්ත ජිනදාසට පැවරී ඇත්තේ අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නිවැරදිව සකස්කර දීමේ වගකීම ය. එහෙත් එය සැකසීමට යාමේ දී ප්‍රීති පද්මන් සූරසේනගේ නිවැරදි උපන්දිනය පිළිබඳව ඇති වී තිබෙන අවුලක් මත වසන්ත ජිනදාස ද තිගැස්සීමකට ලක්ව ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග පෙන්වා දේ. ප්‍රීති පද්මන් සූරසේනගේ උපන්දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති ලිපියක සටහන්ව ඇත්තේ දෙසැම්බර් 01 ලෙස වුවත්, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යවපු ලිපියක සඳහන්ව ඇත්තේ ජනවාරි 12 යනුවෙනි. අප සතු සනාථ කළ හැකි දත්ත අනුව ඔහුගේ නිවැරදි උපන්දිනය වන්නේ 1961 ජනවාරි 12 ය. එහෙත් ඉතා කූඨ ලෙස ඔහු එය 1961 දෙසැම්බර් 01 ලෙස වෙනස් කර තිබේ. උපන්දින දෙකක් ලේඛනවල තිබීම හේතුකොටගෙන කැබිනට් පත්‍රිකාවට අසත්‍ය උපන්දිනය දැමීමෙන්, ඊට අදාළ අධිකරණ අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය නොමඟ යැවීමේ චෝදනාවට ලක්වීමේ අවධානම මේ වන විට සැලකිල්ලට භාජනය කරමින් තිබේ. යම් හෙයකින් මෙම වැරදි උපන්දිනය සඳහන් කර, අදාළ කැබිනට් පත්‍රිකාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යැවුවහොත්, එය අනාගතයේ අධිකරණ ඇමතිවරයාටත් (එයට අත්සන් තබන්නේ එම ඇමතිය) අමාත්‍යාංශ ලේකම්වරියටත් මුහුණ දීමට සිදුවන බරපතල නීතිමය තර්ජනයක් උදාවනු ඇති බව නීති විශාරදයන් පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  බාධා නොතකා විනිසුරුවෝ රැස් වෙති ! දේවගැතිගේ යෝජනාව ඒකමතිකව පරාජය කෙරේ ! විනිසුරන්ට රංගගෙන් මරණ තර්ජණ

නාවික හමුදාවට බැඳී “මානසිකව අවස්ථාවරභාවය” (Mentally Unstable) නැමැති රෝගී තත්ත්වය මත එයින් ඉවත් වූ සූරසේනගේ පෞද්ගලික ලිපි ගොනුව නාවික හමුදාවෙන් ද අතුරුදහන්ව තිබේ. නිවැරදිව ගණනය කළහොත් ප්‍රීති පද්මන් සූරසේන 2026 ජනවාරි 01 න් පසුව අගවිනිසුරුධූරය දරන්නේ නීති විරෝධීව ය.

විපක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතුව, සූරසේනගේ නිවැරදි උපන්දිනය සනාථ කෙරෙන ලිපිලේඛණ තිබෙන බවය. එය ඉදිරියේ දී සමාජය හමුවේ තැබීමට ඔහු සූදානමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ හේතුව මත කිසිදු විනිසුරුවරයකුගේ උපන්දිනය සඳහන් නොකර අදාළ කැබිනට් පත්‍රිකාව සැකසීමට මේ වන විට වසන්ත ජිනදාස ඇතුලු කණ්ඩායම තීරණය කර තිබේ.

  • දයාන් සේනාධීර
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x