July 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

1 min read

බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්, අවශ්‍ය වුවහොත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්නම් (Andy Burnham) පවසයි.

ධුරයට පත්වීමෙන් අනතුරුව බීබීසී නාලිකාවේ පැවැත්වූ ඔහුගේ පළමු ප්‍රධාන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වූ පළමු දුරකථන සංවාදය ඉතා සුහදශීලී වූ බව පැවසූ අගමැතිවරයා, නමුත් අමෙරිකානු ජනාධිපතිවරයාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේද යන්න පිළිබඳව සෘජු පිළිතුරක් දීමෙන් වැළකී සිටියේය.

“ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. පවතින තත්ත්වයන්ට අනුව අපට තීරණ ගැනීමට සිදු වෙනවා” යැයි ඔහු පැවසීය.

මේ අතර, බ්‍රිතාන්‍යයට නිවැරදි යැයි හැඟෙන ඕනෑම අවස්ථාවක ට්‍රම්ප්ගේ මතයට වඩා වෙනස් මතයක් දැරීමට සහ එය ප්‍රකාශ කිරීමට තමා පසුබට නොවන බව පැවසූ බර්න්හැම්, “ඕනෑම නායකයෙකු මුලින්ම තම රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කළ යුතුයි. මේ ධුරය නිසි ලෙස ඉටු කිරීමට නම් එය අත්‍යවශ්‍ය කරුණක්” යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව තමා තුළ කනස්සල්ලක් පවතින බවත්, ඒ පිළිබඳව තම අදහස් සෘජුව ප්‍රකාශ කරන බවත් ඔහු පැවසීය.

ජනප්‍රිය පුවත්  මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු නාගරික මන්ත්‍රීනිය අත්අඩංගුවට

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x