May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලි ගාස්තු වැඩිවීම: තීරණය මැයි 9

1 min read

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය මැයි 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක් අනුව, 2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසින් සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් අප්‍රේල් 27 වනදා අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

කොමිෂන් සභාව විසින් සකස් කළ විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාවට අනුව, රජය රුපියල් බිලියන 15ක සහනාධාරයක් මැයි 10 සිට විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතය.

එමෙන්ම ගෘහස්ත හා ආගමික ස්ථාන ඇතුළු පාරිභෝගිකයන්ගේ 95%කට ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ කර ඇත.

තවද, පොදු කාර්ය, රාජ්‍ය ආයතන සහ සංචාරක හෝටල් කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට අඩු පාරිභෝගිකයන්ට ද ගාස්තු ඉහළ නොදැමීමට යෝජනා කර තිබේ.

කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩයට ද එම සහනය ලැබෙන අතර, ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවන අතිරේක පිරිවැය විදුලි ගාස්තු තුළට ඇතුළත් නොකිරීමටද තවදුරටත් පියවර ගෙන ඇත.

ජනප්‍රිය පුවත්  වයින් සැන්ඩි කරලා බීපු ක්‍රීඩා ඇමති !

මේ අතර, 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බව කොමිෂන් සභාව ඇස්තමේන්තු කරයි.

එම හිඟයෙන් රුපියල් බිලියන 15ක් රජය සහනාධාරයක් ලෙස ලබා දීමට මහ භාණ්ඩාගාරය දැනුම් දී තිබේ.

අප්‍රේල් 29 වනදා ප්‍රකාශයට පත් කළ මෙම උපදේශන පත්‍රිකාවට අනුව, විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම අද සිට මැයි 6 දක්වා සිදු කිරීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x