උතුරේ බොදු උරුමය අනතුරේ ! වඩුන්නාගල හින්දු පූජා !
1 min read
උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේති ඕලමඩු ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ බෞද්ධ පුදබිමක් වන වඩුන්නාගල (වඩ්ඩමාන පබ්බත විහාරය) පුරාවිද්‍යා භූමිය තුල ඉන්දියාවෙන් පැරණි හින්දු පූජකයන් විසින් හින්දු පූජාවන් පැවැත්වීම මේ වන විට ආරම්භ කර තිබේ. එම නීති විරෝධී ක්‍රියාවන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් කිසිවෙකුගේ බාධාවක් එල්ල වී නොමැති බවද වාර්තා වේ.
එච්.සී.ජී. බෙල් සහ මහාචාර්ය සෙනරත් පරණවිතාරණ වැනි ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් ගවේෂණ වලට අනුව මෙම වඩ්ඩමාන පබ්බත විහාරය ආශ්‍රිත පුදබිමේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවස දක්වා (අනුරාධපුර මුල් යුගය) දිවයයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී මෙම ස්ථානය නිල වශයෙන් ලේඛනගත කරන විට එහි කටාරම් කෙටූ පුරාණ ගල්ලෙන්, බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා ලේඛන, පැරණි සිරිපා ගලක්, ස්තූප අවශේෂ හා බුද්ධ ප්‍රතිමාවක කොටස් හමුවී තිබිණි.
මෙම ආරාම සංකීර්ණය වටා පුරාණ වැව් 11 ක් හමුවී ඇති අතර, එමඟින් පැවසෙන්නේ මෙය හුදෙක් බෞද්ධ විහාර භූමියක් පමණක් නොව අතීතයේ දී ඓතිහාසික ජනාවාසයක මධ්‍යස්ථානයක් බවට පත්ව තිබී ඇති බවයි.
එහෙත්, මෑත කාලයේ දී මෙම ස්ථානය වෙඩුක්කුනාරී ආලිංගේශ්වර කෝවිල ලෙස නම් කරමින්, පැරණි බෞද්ධ නටඹුන් වනසා ඒ මත ශිව ලිංගයක් සහ දේව ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමටත් උතුරු පළාත් සභාව ක්‍රියා කර තිබේ. පසුගිය දා ඉන්දියාවේ සිට පැමිණි හින්දු පූජකයන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් පූජාවක් පවත්වා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් එම අනීතික ක්‍රියාවන්ට එරෙහිව කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයට මේ වන විට පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර සහ දෙමළ හිතවාදී අන්තවාදීන් අතර පවතින අප්‍රකාශිත එකඟත්වය මත උතුරේ සහ නැගෙනහිර බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන “හිංදුකරණයට” ලක් කිරීම වේගයෙන් සිදු කෙරෙමින් තිබේ. පුරාවිද්‍යා පනත වෙනුවට, එම විෂය පළාත් සභා විෂයක් බවට පත් කරන “ජාතික උරුම” පනතක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කරමින් ඇත්තේ මෙම අන්තවාදයට නිදහසේ ක්‍රියා කිරීමේ අවස්ථාව උදාකර දීම පිණිස වේ.
- භාග්‍යා සමරතුංග
