August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාවේ ඉල්ලීමට විදේශ ඇමතිකම නලින්දට !

1 min read

ආණ්ඩුව පිහිටුවා වසර 2 ක් සම්පූර්ණ වන සැප්තැම්බර් අග දී විදේශ අමාත්‍ය ධූරයට වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ. එම තීරණයට ජනාධිපතිවරයා පැමින ඇත්තේ ඉන්දීය බලධාරින් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසිනි.

වත්මන් විදේශ අමාත්‍ය විජිත හේරත් විශ්වාස කළ හැකි අයෙකු නොවන බව ඉන්දීය බලධාරින්ගේ මතය වී තිබේ.

ඔහු සමග දෙරට අතර තබාගත යුතු සමීප සබඳතාව පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි ද ඉන්දීය බලධාරින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර තිබේ.

ඊට සාපේක්ෂව නලින්ද ජයතිස්ස සමඟ සමීප හා කාර්යක්ෂම සබඳතාවක් තිබෙන බවත්, විදේශ ඇමති ධූරයට වඩාත් සුදුසු ඔහු බවත් ඉන්දීය මතය වී ඇත.

ආණ්ඩුවට වසර 2 ක් පිරෙන සැප්තැම්බර් මස අග දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බැවින්, එහිදී එම වෙනස්කම සිදු කිරීමට ජනාධිපතිවරයා ඉන්දීය බලධාරින් හමුවේ පොරොන්දු වී තිබේ.

  • සුහද මංචනායක
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x