August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“සූරසේන දිගුව”ට “බෝන්-අගේන්” මෙහෙයුමක් !

1 min read

“බෝන්-අගේන්” නැමැති එවැන්ජලික ක්‍රිස්තියානි ඇදහීම නියෝජනය කරන ආගමික කල්ලිය අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනට තව වසර 2 ක් ධූරය දැරීමට අවස්ථාව ලබාදෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචාරණයකින් තොරව සම්මත කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිටින තම ඇදහිලිවන්තයන් මාර්ගයෙන්, දියත් කර තිබෙන මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා මුදල් සම්පාදනය කර ඇත්තේ ජාතික එවැන්ජලිකල් ක්‍රිස්තියානි සංවිධානය (NCEASL) නැමැති මෙරට ක්‍රියාත්මක සියළු එවැන්ජලික හා “බෝන්-අගේන්” කණ්ඩායම් එකට ඒකාබද්ධ කර තිබෙන ආයතනය මගිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තුල ද තම බලය පතුරුවා ඇති මෙම ආගමික සංවිධානය, ප්‍රීති පද්මන් සූරසේන තව දෙවසරක් ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ධූරයේ තබා ගැනීම ඉතා වැදගත් කොට සලකා ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙරට ඉහළ මධ්‍යම පාන්තිකයන්, දේශපාලනඥයන්, ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කලාකරුවන් රැසක් ඒකරාශී කරගෙන ඇති මෙම ජාතික එවැන්ජලිකල් ආගමික සන්ධානයට මුදල් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ එම ආගමික සභාවන්ට අයත් ජාලය මගිනි. අධිකරණය ද තම ආධිපත්‍ය යටතට ගැනීම මගින්, බෞද්ධාගමික බලය බිඳ දැමීම පහසුවනු ඇතැයි යන මතය මත පිහිටා ජාතික එවැන්ජලිකල් ක්‍රිස්තියානි සන්ධානය (NCEASL) මේ වන විට දේශපාලනඥයන් අතර වඩාත් වැඩි බලපෑමක් සිදු කරමින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ජනප්‍රිය පුවත්  සහල් අතිරික්තයක් කියමින් තවත් හොරකමකට සැරසේ !

විපක්ෂයේ ප්‍රධානතම චරිත කිහිපයක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බරපතල ක්‍රියාමාර්ග ගැනීමෙන් වලකා ගැනීම සඳහා ද මෙම මුදල් යෙදවී ඇතැයි ඊට අදාල අපගේ ආරංචිමාර්ග අණාවරණය කරයි. ඒ අනුව, එම විපක්ෂයේ ප්‍රධාන චරිත සිය ආණ්ඩු විරෝධය 22 මගහැර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට එකඟ වී ඇතැයි පැවසේ.

ප්‍රීති පද්මන් සූරසේන මෙම එවැන්ජලික – “බෝන්-අගේන්” ආගමික නිකායේ ඇදහිලිවන්තයකු බැවින්, ඔහු තවදුරටත් අගවිනිසුරු ධූරයේ තබා ගැනීම මගින්, බෞද්ධාගමික සංස්ථාවේ පැවැත්ම බිඳ හෙලීමට තුඩු දෙන අධිකරණමය මෙහෙයුමක් දියත් කිරීම මෙම “එවැන්ජලිකල් ක්‍රිස්තියානි සන්ධානයේ” උවමනා වී තිබේ.

පුරාවිද්‍යා පනත හා විහාර දේවාලගම් පනත සංශෝධනය ඉදිරියට සිදුවීමට නියමිත බැවින්, ඒ සම්බන්ධ තීන්දු දීමට ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ධූරයේ සිටීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස එම ක්‍රිස්තියානි සන්ධානය විශ්වාස කරයි.

ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සැලැස්මක් ජනාධිපතිවරයා සතුව ඇති බැවින්, එහි දී බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ඇති පිළිගැනීම දිය කර හැරීම ද ප්‍රීති පද්මන් සූරසේන තවදුරටත් තබා ගැනීමේ අවශ්‍යතාව ලෙස එම සන්ධානය විශ්වාස කරන බව පැවසේ.

ජනප්‍රිය පුවත්  underground කිව්වා හරි !නිලුපුලීටත් ප‍්‍රමෝෂන්!

මෙම එවැන්ජලිකල් ක්‍රිස්තියානි සන්ධානයේ (NCEASL) ප්‍රධාන විධායක නිලධාරී හෙවත් මහා ලේකම් වන්නේ දේශමාන්‍ය ගොඩ්ෆ්‍රී යෝගරාජ් ය. මොහු ලෝක එවැන්ජලිකල් සන්ධානයේ (World Evangelical Alliance – WEA) ජාත්‍යන්තර කවුන්සලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබයි. එහි සභාපතිවරයා වන්නේ පාස්ටර් මයිකල් දිසානායක ය.

අංක 05, රිජ්වේ පෙදෙස, කොළඹ 04 (වැල්ලවත්ත) යන ලිපිනයේ Life Centre ය එවැන්ජලික දේවස්ථානය පවත්වාගෙන යන පාස්ටර් මයිකල් දිසානායක, ජනාධිපති අනුර කුමාර සමඟ අප්‍රකට සම්බන්ධතාවක් පවත්වාගෙන යනු ලබයි. ගොඩ්ෆ්‍රී යෝගරාජ් ද ප්‍රමුඛතම ක්‍රිස්තියානි (එවැන්ජලිකල්) ආගමික දහරාවේ නායකයකු වන අතර, ප්‍රීති පද්මන් සූරසේන තවදුරටත් අගවිනිසුරු ධූරයේ තබා ගැනීම සඳහා ජාත්‍යන්තර අරමුදල් යෙදවීම සිදුකරනු ලබනුයේ ඔහු විසිනි.

මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන නායකයන් අතර මෙම මුදල් ගනුදෙනු ප්‍රභල වශයෙන් සිදු කෙරෙමින් තිබේ. ක්‍රිකට් අතුරු පාලන සභාවේ මූලිකයා බවට ජනාධිපති විසින් පත්කරන ලද එරාන් වික්‍රමරත්න ද මෙම ආගමික ව්‍යාපාරයේ ප්‍රබලයකු වේ.

  • තරිඳු ගම්මන්පිල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x