June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රවී – ශානි ගෝරි

1 min read

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදු දේපළ පණත යටතේ ය. නමුත්, මේ පිළිබඳව උසාවියට ඉදිරිපත් කරන B වාර්තාවේ CIDය සදහන් කර ඇත්තේ පරීක්ෂණ අවසන් බව ය.  එසේ සටහන් කිරීම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ඇප ලැබීමට හේතුවක් විය හැකිය යන මතයේ පිහිටා සාමය භා නීතිය බාර ලේකම් රවී සෙනවිරත්න විසින් බරපතළ ලෙස CID ප්‍රධානී ශානි අබේසේකරට දුරකථනය මගින් චෝදනා එල්ල කර තිබේ. මේ පිළිබඳව සැළකිය යුතු වේලාවක් මේ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ඇත.

කෙසේ වෙතත්, B වාර්තාවේ සඳහන් ”පරීක්ෂණ අවසන්” නැමති වාක්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ඇප ලැබීමට හේතු විය හැකි යැයි කල බල වී ඇති රවී සෙනවිරත්න, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වීමට දිලීප පීරිස් මහතා උසාවිය බලා යැවීමට පියවර ගෙන ඇත.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාව සිටි සමයේ, මත්පැන් බී රිය පදවා පොලීසියේ වාහනයකට අලාභාහානී කිරීමේ චෝදනාව යටතේ තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බණ්ධනාගාරගත කිරීමේදී තමන්ට උදව් නොකිරීම පිළිබඳව කෝපයකින් රවී සෙනවිරත්න රනිල් හා සාගල සම්බන්ධයෙන් පසු වී තිබේ.

ජනප්‍රිය පුවත්  බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළට! කටාර් රාජ්‍යයෙන් ලොවම තැති ගැන්වෙන පුරෝකථනයක්!

කෙසේ වෙතත්, රවී – ශානි ගැටුම මේ කාරණය මගින්ද තවදුරටත් උත්සන්න වී ඇති බවට අභ්‍යන්තර ආරංචි අනාවරණය කරයි.

lankaundergroundnews – අභ්‍යන්තර වාර්තාකරු 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x