June 20, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවේ විදුහල්පති සිසුවියක් කෙලෙසීම වසන් කරලා !

1 min read

අම්බලන්තොට ථේරපුත්ත ජාතික පාසැලේ විදුහල්පති නිශාන්ත ලියනගේ සහ එම පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිනි වසන්තා අබේවර්ධන යන දෙදෙනාම ජනතා විමුක්ති පෙරමුණේ බලය යොදාගෙන සිදුකරන ලද බරපතළ විෂමතා රැසක් එම පාසැලේ ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි අතර බරපතලම පැමිණිල්ල වන්නේ බාලවයස්කාර සිසුවියන්ගේ ලිංගික හිංසන සිදුවීම් වසන් කිරීම පිළිබඳ චෝදනාවය. 2026 ජුනි මස පැවැති කොට්ඨාස තරග දිනවල දී එම පාසැලේ 10 වසරේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක් බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව තිබේ. එම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන “Whatsapp” වැනි සමාජ මාධ්‍ය ජාල හරහා සන්නිවේදනයට ලක් කර ද ඇත. මෙම සිදුවීම පාසැල තුළ, පාසැල පැවැත්වෙන වේලාව තුළ සිදුවීමෙන් පසුව, ආයතන ප්‍රධානියා ලෙස වහාම ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට, මෙම ජ.වි.පෙ. විදුහල්පතිවරයා කර ඇත්තේ අදාළ දැරියව පාසැලෙන් ඉවත්කර සිදුවීම වසන් කිරීමට ක්‍රියා කිරීමය. මෙබඳුම තවත් සිදුවීම් කිහිපයක් ද ඔහු විසින් මෙලෙස වසන්කොට තිබේ.

මීට අමතරව අදාළ පාසැලේ ගුරුවරුන්ට තර්ජනය කිරීම සහ පලිගැනීම ද මොහු සිදු කරනුයේ ජ.වි.පෙ. ආණ්ඩු බලයේ මහිමය මතය. දේශපාලන හිතවත්කම් මත තමන්ට පක්ෂපාතී ගුරුවරුන් පමණක් යොදාගෙන සෙසු ගුරුවරුන් පීඩාවට පත් කරමින් ක්‍රියාකිරීම ඔහු විසින් අඛණ්ඩව සිදුකර තිබේ. මොහු විසින් සිදුකර ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා පිළිබඳව දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතත්, දේශපාලන බලය උපයෝගී කරගෙන ඔහු ඒ සියල්ලෙන් ආරක්‍ෂා වී තිබේ. නියෝජ්‍ය විදුහල්පතිනි වසන්තා අබේවර්ධණ ද ඔහු සමග එක්ව මෙම සියලු අපරාධ සඳහා දායක වී තිබේ.

ජනප්‍රිය පුවත්  භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ මුදල් ගැන කරුණු කියන්න මහ බැංකුවට සතියක් කල්දෙයි

ජනාධිපති අනුර කුමාර මෙන්ම, අමාත්‍ය මහින්ද ජයසිංහ ද මෙම විදුහල්පතිවරයාගේ සමීපතමයෝ වෙති. එම විදුහල්පතිවරයාගේ සහ නියෝජ්‍ය විදුහල්පතිනිගේ නිවසට ගොස් මේ දෙදෙනාම ඡායාරූපගත් අවස්ථා මේ සමඟ දක්වා තිබේ.

මේ වන විට අදාල ලිංගික හිංසනයට ලක් වූ දැරිය හම්බන්තොට මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී.

මේ පිළිබඳව ගුරුවරුන් හා දෙමව්පියන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින්ට ලිඛිතව පැමිණිලි කර ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. එමෙන්ම එම දැරියගේ දෙමාපියන් විසින් 1929-CC/26/06/656 අංක යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ද PCD/H/946/2026 අංකය යටතේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ද පැමිණිලි කර තිබේ.

  • සජීව විද්‍යාරත්න –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x