ජූලි 30 ට පෙර නිලවරණය පවත්වනු ! ICC සභාපති Jay Shah ජනාධිපති හමුවී දැනුම් දෙයි !
1 min read
අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර හමු වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) සභාපති ජේ.ෂා (Jay Shah) ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ “ජූලි 30 ට පෙර ක්‍රිකට් නිලවරණය පවත්වන්නෙ නැතිනම් ICC යට කිසිම අයුරකින් සහයෝගය ලබා දිය නොහැකි” බවයි.
මෙම හමුවේදී ජනාධිපතිවරයා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට බලපෑ හේතු පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සයේ ස්ථාවරය වෙනසකට ලක් වී නැත.
මෙම හමුව පැවැතී ඇත්තේ විනාඩි 15 ක් පමණ කෙටි වෙලාවක් පමණි. ඒ අනුව, ජූලි 30 ට පෙර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට සිදුවනු ඇති අතර, ශම්මි සිල්වා කණ්ඩායම ද වෙනත් සභාපති අපේක්ෂකයකු යටතේ එයට තරග වදිනු ඇත.
- රවීන්ද්‍ර කල්පගේ –
