කාදිනල් අත්අඩංගුවට ගැනීම අනාගතයේ වැළැක්විය නොහැකි තත්ත්වයකි.
1 min read
පාස්කු ප්‍රහාරයේ ලොකුම සැකය එල්ල වන්නේ කාදිනල්ට බව දැන් සමාජය විවෘතව ම පිළිගනිමින් තිබේ.
පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු සෑම වසරක ම අනිවාර්යෙන් දේව මෙහෙයට යන කාදිනල් එදා පමණක් නොගියේ ඇයි ද යන්න නොසලකා හැරිය නොහැකි බරපතල ප්‍රශ්නයකි.
එම සැකය වඩාත් තීව්‍ර වන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල් හැසිරුණ අස්වාභාවික සාන්තුවර ස්වභාවය නිසා ය.
තෙල් කිරිපිටි ටික හිඟ වුණා කියා ගෝල්ෆේස් ඇවිත් සාතනික වියරුවෙන් ඩෙඟා නටා වෛරය වපුරා රටෙන් බාගයක් ගිනිබත් කළ කාදිනල්, පාස්කු ප්‍රහාරයෙන් තමන්ගේ ආගමේ උන් පිරිසක් ඝාතනයට ලක් වූ පසු හැසිරුණේ හදිසියේ රහත් වූවාක් මෙන් නොවේ ද?
එය අතිශය අස්වාභාවික වංචනික සහ සැක සහිත හැසිරීමක් නොවේ ද?
දැන් දාන ගර්ජන එදා තිබුණේ නැත. ඔච්චර ම සිය මිනිසුන් කෙරෙහි ආදරේ නම් ඔහු පාරට බැසිය යුතුව තිබුණේ එදා උදේ ම ය. තමන්ගේ උන් වෙනුවෙන් ඔය දැන් අඬන තරම් මාර කැක්කුමක් තිබුණා නම් එදා ම සිය ජනතාව සමග සිය සතුරන්ට එරෙහිව සටන් නොකළේ ඇයි?
නමුත් ඔහු එදා කීවේ කුමක් ද? සතුරාට ප්‍රේම කරන්න… අනෙක් කම්මුලත් හරවන්න… ඉස්ලාම් ත්‍රස්තයන්ට සමාව දෙන්න… එදා එහෙම කියූ කෙනා දැන් මොකද වෛරයෙන් දඟලන්නේ?
පාස්කු ප්‍රහාරයෙන් වාසියක් වුණා නම් වුණේ කාදිනල්ට ය.
හැරමිට්ටෙන් කොර ගගහා ඇවිදින ගමන් කාදිනල් පට්ටම ආරක්ෂා කර ගැනීමට පාස්කු ප්‍රහාරය ඔහුට අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වූ බව නොරහසකි.
පාස්කු ප්‍රහාරය කළ පසු සාන්තු වෙස් ගෙන කාදිනල් හැදුවේ ඊළඟ පාප් වහන්සේ වීමට බව ඕනෑම පොඩි දරුවෙකුට පෙනේ. බලලෝභි මහල්ලාගේ සැලසුම වූයේ පාස්කු ප්‍රහාරය කළ පසු තමන් හැසිරුනේ ජේසුස්ටත් වඩා මහා ශාත්න දාන්ත තීන්ත කූඩුවක් වගේ ය කියා පෙන්වා වතිකානුවේ ලොකු පුටුවට පැනීම ය. නොබෙල් සාම ත්‍යාගය අතට ගැනීම ය.
නමුත් සියල්ල බලා සිටිනා දෙවියන් වහන්සේ පාපිෂ්ඨයාව පීතරගේ බැසිලිකාව තුළදී තුච්ච ලෙස ප්‍රතික්ෂේප කළ සේක!
ඒ සාහසික කුමන්ත්‍රණය ඵල නොලැබූ කල කාදිනල් කළේ පාස්කු ප්‍රහාරයට ඊනියා “මහා මොළකරුවෙකු” අභූතයෙන් නිර්මාණය කර ඒ හරහා සිය පට්ටම තව දුරටත් දික් කර ගැනීම ය. අදටත් ඔහු බලයේ ඉන්නේ සහරාන්ට ස්තුති වන්නට ය.
කාදිනල්ගේ කාලය තුළ පාප් වහන්සේලා ම තුන් දෙනෙකු මාරු වී ඇත. නමුත් කාදිනල් කූඩැල්ලා මෙන් සිය සුඛෝපභෝගී ඒකාධිකාරී බලයේ එල්ලී සිටී. ප්‍රහාරය ගැන දැන ගෙන පල්ලියට නොගිය බවට වන සැකය තව තවත් තීව්‍ර වන්නේ මෙතන ය.
අනෙක් පැත්තෙන් දැන් දෙස් බැන්නාට ඒ දවස්වල කාදිනල්ගේ ගජ මිතුරා වූයේ ගෝඨාභය යි. හැම මාසෙක ම නොවරදා ම කාදිනල්ගේ සුඛෝපභෝගී නිවසට ආරාධනා කර ගෝඨාභයට ඉස්තරම් ම කෑම කන්නට දී පැය වරු ගණන් මන්ත්‍රණ කළේ කාදිනල් ය.
පාස්කු ප්‍රහාරය කළ පසු එය දේශපාලනිකව යොදා ගනිමින් එවක යහපාලන ආණ්ඩුව ගෙදර යවා ගෝඨාභයට බලය දෙන්න කියා කැම්පේන් කළේ කාදිනල් මිස ගෝඨාභය නොවේ.
ගෝඨාභයගෙන් ගත යුත්ත ගත් පසු ඊනියා අරගලය හරහා ගෝඨාභය ගෙදර යවා අනුර කුමාරව බලයට ගෙන ආවෙත් පාස්කු ප්‍රහාරය දඩමීමා කර ගෙන ය.
කොහොමද කාදිනල් ගහපු ගේම! කාදිනල් යනු රනිල්ටත් වඩා කපටි දේශපාලකයෙකි. රාජපක්ෂලාටත් මේවා හොඳ පාඩම් ය. පල්ලි ලෝගුකාරයන් යනු ජේසුස්ව කුරුසයේ ඇණ ගසා මරා ඉන් පසුව ඒ දඩයම කර මතින් ගෙන ගොස් මහා බල ව්‍යුහයක් හැදූ ලෝක කපටියන් ය.
හැබැයි කාදිනල්ගේ සෙල්ලම් එළි වෙමින් තිබේ.
දැන් කිරිස්තියානු සහ මුසල්මානුවන් එක ගොඩක් වී තිබේ. බෞද්ධ සිංහලයාට යථාර්ථය අවබෝධ වෙමින් තිබේ. මෙය ඉතාම හොඳ තත්ත්වයකි.
ප්‍රශ්නය වන්නේ කාදිනල් අපරාධ විමර්ශකයන් විසින් අත් අඩංගුවට ගනු ලබනු ඇත්තේ ඔහුගේ කාදිනල් පට්ටම තිබියදී ද නැත්නම් එය ඔහුගේ පැරණි සතුරා වන සිරිල්ගේ අතට ගිය පසුද යන්න පමණී. දිස් ඉස් පොලිටික්ස්.
එරන්ද ගිනිගේ
2026 ජූනි 18
