April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ ඉන්නේ පාඨලී චම්පික රණවකය. අතීතයට හැරී බැලුවහොත් ඔහුට ආත්ම ගණනාවක් තිබී ඇත. විශ්වවිද්‍යාලයේ දී තිබුණේ ජාතික චින්තන ආත්මයයි. ඒ ආත්මයේ මුල් කාලයේ ඔහුට සිටි ගුරා නලින් ද සිල්වාය. පසුව ඔහු නලින් ද සිල්වාගෙන් ද ඉවත්වී “ජනතා මිතුරෝ” විය.

‘‘ජනතා මිතුරෝ“ වනාහි පාරිසරිකවාදී සංවිධානයකි. එහි දැක්ම වූයේ හරිත සමාජයක් ගොඩනැංවීම පිළිබඳව ය. එහි ජාතිය බේරා ගැනීම ඇතුළත්ව තිබුණේ නැත. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒම පිණිස වික්ටර් අයිවන් හා මංගල සමරවීරලා සමඟ එක්ව කුඩා කුඩා රැස්වීම් තැබුවේ මේ චම්පිකය.

මේ චම්පික ඊට පස්සේ වෙන චම්පික කෙනෙක් විය. ඒ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය අටවා ගනිමින් ය. ඒ චම්පික පට්ට කොටි විරෝධිය; බෙදුම්වාදය පේන්න බැරිය.

ගංගොඩවිල සෝම හිමි අපවත් වන විට ත්‍රස්ත විරෝධී භවය නිම කර ඔහු “ජාතික හෙළ උරුම” භවය දක්වා පැමිණියේ මේ චම්පිකම ය. එස්.එල්. ගුණසේකර වැනි ශ්‍රේෂ්ඨ නීතිඥයකු ද පාවිච්චි කර ඉවත දැමූ චම්පික, පාර්ලිමේන්තු වැඩිය ස්වාමීන් වහන්සේලා පණ පිටින් අපවත් කළේ උන්වහන්සේලා ට නොතේරෙන ගේම් ගණනාවක් ගහලා ය. ඒ එක් හාමුදුරු නමක් සැදැහැවත් බෞද්ධ චම්පික උපාසක මහතා පැහැරගෙන ගියේ ය. අඳනකඩය පමණක් ගත රදවාගෙන සිටි ඒ හිමියන්ට කලිසම් පටියෙන් පහර පිට පහර දුන්නේ මේ සත්ගුණවත් චම්පිකමය. කෙසේ හෝ චම්පික සාධුකාර මැද පාර්ලිමේන්තුව කරා සම්ප්‍රාප්ත වූයේය.

ජනප්‍රිය පුවත්  ඩබල් පොකට් සූකර!

පාර්ලිමේන්තු ආ චම්පික මුලින් එකතු වූයේ මහින්දට ය. මහින්ද සමඟ ආණ්ඩුවක් හැදූ හෙතෙම විදුලිබල හා බලශක්ති ඇමතිකම ලබා ගත්තේය. ඒ කාලයේ සිදු වූ ගනු දෙනු මෙහි ලියන්නේ නැත්තේ ඒවා පසුව ලියන්නට තියාගෙන ඇති නිසාය.

2015 වන විට චම්පික හිටියේ මහින්ද සමඟ ඔරොප්පුවෙන් ය. ඒ නිසා චම්පික ගල්ලෙන බිඳ , තමන් එතුවක් කල් පතුරු ගැසූ රනිල් වික්‍රමසිංහ සමඟ ද දෙමළ ජාතික සන්ධානය සමඟ ද එක වේදිකාවක එකට හිට ගත්තේ ය.එපින් බලෙන් ඔහුට ලැබුණේ ”මෙගා පොලිස්” ඇමතිකම ය. .

රනිල් දුර්වල වූ කළ චම්පික ගියේ සජිත් ළඟටය. සජිත් දුර්වල වූ කල චම්පික ඉල්ලා සිටියේ එතැන දෙවැනි තැන තමන්ට දෙන මෙන් ය. එය ද නොලැබුණු විට චම්පික නව ආත්මයකට පරාරෝපණය විය. ඒ, ජනරජ පෙරමුණයි.

භව ගණනාවක් පසුකර පැමිණ ඇති චම්පික, දැන් පවසන්නේ තමන්ගේ දෘෂ්ටිය වන්නේ “අවස්ථාවාදය” බව ය. ඒ කියන්නේ තැනේ හැටියට ඇණේ ගැසීමය; දේශේ හැටියට වාසේ බවය. වැළ යන අතට මැස්ස ගැසීම බවය. බලය වෙනුවෙන් ඕනෑම ගේමක් ගැසිය හැකි බවය.

ජනප්‍රිය පුවත්  ශිෂ්ටාචාර ජාතියක මහිමය!

මේ ඡායාරූපයේ සිටින චම්පික කතෝලික පූජකතුමන්ලා හමු වී මේ පවසන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ හා ගෝඨාභය බවය. එදා එසේ කී චම්පික ඊයේ පෙරේදා කීවේ තමනුත් ඒ මතයට රැවටී සිටිය බවත්, FBI වාර්තා අනුව හෙළි වී තිබෙන සත්‍යය තමන් පිළිගන්නා බවත්. ඒ අනුව සලේ හෝ වෙනත් කවරකු හෝ මහමොළකරු නොවන බවත් ය.

චම්පික එහෙමය. කන්න වුවමනා වූ විට කබරගොයා තලගොයා කර ගැනීමට චම්පිකට තරම් කාටත් හැකි වී නැත. ඒ අතින් චම්පික පොරකි.

මේ දවස්වල මේ පොර ඇඳගෙන ඉන්නේ ඊළඟ ජනාධිපති වෙන්න ය. දැන් ඔහු ඒ සඳහා ඇති පදමට වියදම් කරමින් සිටී. මාලිමාවට කඩේ යන නිර්මාල් රංජිත් දේවසිරි දැන් කියන්නේ තමනුත් චම්පික සමඟ බවය. නිර්මාල් කඩේ යන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් දෙන මඟ පෙන්වීමට අනුවය. අනුර වැටෙන කොට ඒ ඉඩ චම්පිකට ලබාදීම U.S.A. මෙහෙයුම නොවන්නේනම්, නිර්මාල්ලා ඒ ‍ තෝරා ගැනීමට යන්නේ නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x