April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සාදය මාරයි! අනුර වමාරයි!

1 min read

ඊයේ (10) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංගය නිමාවීමෙන් පසු බලශක්ති අමාත්‍යවරයා ආණ්ඩුවේ තෝරාගත් මැති ඇමතිවරු පිරිසක් සමඟ රාත්‍රී සාදයක් පවත්වා තිබේ. ඒ කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ නිවාස යෝජනා ක්‍රමයක නිවසකදී ය. එම නිවසේ හිමිකරුවන් විදේශගතව සිටින අතර එය මෑතකදී කුලියට ගෙන ඇත්තේ බලශක්ති ඇමතිගේ සමීප මිතුරෙකි.

ඊයේ මැදියම් රැය පහන් වනතුරු පැවති මෙම සාදියේ විශේෂත්වය වන්නේ එක අවස්ථාවකදී බලශක්ති කුමරා ඉකිගසමින් හඬා වැටීමය.

එල්ල වී ඇති මෙම චෝදනා හේතුකොට ගෙන තම බිරිඳ සහ දරුවන් සමාජය හමුවේ බලවත් පීඩනයකට ලක්ව සිටින බවත්, මේ ගනුදෙනුවෙන් පෞද්ගලික වාසියක් තමන් ලබාගෙන නොමැති බවත්, ඒ සියල්ල ලබා ගත්තේ ජනාධිපති අනුර කුමාර බවත් ඔහු හඬා වැටෙමින් ප්‍රකාශ කර තිබේ.

“මම නෙවෙයි, ජනාධිපතිතුමයි අමාත්‍යාංශ ලේකම්ට කතා කර කර ඔය ටෙන්ඩරය වෙන්න ඕන විදිය කිව්වේ. මටත් කිව්වේ එයා. එයා කියන දේ නොකර බෑනේ. අන්තිමට මේක මගේ ඔළුවට වැටුණා. ජේ.වී.පී. එකේ අයත් හිතනවා මේකේ වාසිය මට ආවා කියලා. මමයි දන්නේ මොකද වුණේ කියලා” යනුවෙන්ද ඔහු මෙහිදී පවසා ඇත.

ජනප්‍රිය පුවත්  පළාත් සභා ඡන්දය ලබන වසරේ මුල?

මෙම සාදයට කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ප්‍රදේශය භාර මන්ත්‍රීවරයෙකු ද, ගම්පහ, නුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක නියෝජනය කරන මැති ඇමතිවරුන් 6 දෙනෙකු ද සහභාගී වී තිබේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර තවදුරටත් ගෙන ඒමට අපි සූදානමින් සිටිමු.

රංග ශ්‍රී අරංගල

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x