April 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාංචනගේ පෙට්‍රල් බද්ද රු. 105යි! මාලිමාවේ පෙට්‍රල් බද්ද රු. 136යි!

1 min read

මේ වන විට පෙට්‍රල් ලීටරයක් සඳහා ආණ්ඩුව රු. 136ක බද්දක් අයකරන බව හිටපු බල ශක්ති නි. අමාත්‍ය ඩී.වී. චානක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩුව සමයේ එනම් අමාත්‍ය කාංචන විජේසේකර සමයේ එම බද්ද රු. 105ක් වූ බවයි.

ඒ අනුව පැරණි ණය සඳහා ඉන් රු. 50ක් අඩු කළද තවත් රු. 86ක බද්දක් පෙට්‍රල් ලීටරයකින් ආණ්ඩුව ලබා ගන්නා බවද හෙතෙම පවසයි.

මැතිවරණයට පෙර අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට නම් මේ අවස්ථාවේ බදු නැතිව පෙට්‍රල් ලීටරයක් රු. 341කට ලබාදිය හැකි බවද ඔහු සඳහන් කරයි.

ආර්ථීක අර්බුදය අවස්ථාවේ අයකළ ඉන්ධන බද්දට වැඩි බද්දක් වර්තමාන ආණ්ඩුව මේ වන විට අය කරමින් ඇති බවද ඩී.වී. චානක ප්‍රකාශ කරයි.

මෙම ලෝක අර්බුදකාරී අවස්ථාවේ ඕස්ට්‍රේයාව, පාකිස්ථානය ඉන්ධන බදු අඩු කර සහනයක් ලබාදුන්නද ලංකාව එවැන්නක් සිදුකර නැති බවද ඔහු පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x