July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ටියුන් ටියුන්”

1 min read

මේ ඉන්නේ වලහකු යැයි කිසිවකු වරදවා වටහාගත යුතු නොවේ. මේ ඉන්නේ පුනරුද ආණ්ඩුවේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ය. මුන්දැට පාර්ලිමේන්තු මන්ත්‍රිකම ද ඇමතිකම ද හම්බවුණේ “කාලෙට එන මාරියාව වගේ” ය. “මාරියාව” කියන්නේ මුහුදේ වාරයට ඇති වන ලොකු රැල්ලට ය. රැල්ල තිබෙනකම් හැමදේම ලැබුණත්, රැල්ල බැස ගිය පසු සියල්ල යථා තත්ත්වයට පත් වන්නේ ය. දැන් වෙමින් පවතින්නේ ඒකය.

හර්ෂණ දන්නේ වෙන හැමදේටමත් වඩා අනාගන්නට ය. හරියටම, “වලහට මී පැණි හම්බුවුණා වගේ” ම ය. එහෙම කියන්නේ ලැබුණු අවස්ථාවෙන් වැඩේ කරගන්නට බැරුව අනාගන්නා උන්දැලට ය. හර්ෂණ ද ඒ වර්ගයේ වලහෙක් ය.

මීගමුව බන්ධනාගාරයේ සිරකරු පීඩනය පුපුරාගියේ ජීවිත 30 කට ආසන්න ප්‍රමාණයක් අහිමි කරගෙනය. ඉතිහාසයේ පළමු වතාවට බන්ධනාගාර නිලධාරින් 7 දෙනෙකු මරාදැමුණේ මේ කැරැල්ලේ දී ය. පළමු දවසේ නිවුණ ගින්න දෙවැනි දවසේ යළි ඇවිලුනේ ගතයුතු පියවර ගැන හරි උපදෙසක් නැති හින්දා ය. හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩතහනම් කලේ ජනාධිපති සමාව යටතේ නිදහස් වූ පිරිස සමඟ තඹුත්තේගම සිරකරුවකුට ද සමාව ලැබීමේ පුවත හින්දා ය. ඒ “වරදට” උපුල්දෙනියගේ වැඩතහනමට ලක් කෙරුණද ජනාධිපති සමාව ලැබ නිදහස් වූ තඹුත්තේගම එකා තාම ඉන්නේ නිදහසේ ෂැපට ෂැපේ ය. අද බන්ධනාගාරයට කොමසාරිස් ජනරාල් කෙනෙක් නොමැත්තේ මේ හින්දා ය.

ජනප්‍රිය පුවත්  අනන්‍යතා අර්බුදය

ඒ ගොං වැඩේට ද වගකිවයුතු අයගෙන් එකකු වන්නේ මේ අධිකරණ ඇමතියා ය. ඒකා පුතා මීගමුව සිරකරු කැරැල්ලේ මරණ ගාන හා තුවාල වූ ගාන හොයන්නේ “ෆේස්බුක්” එකෙන් ය. මේ බබා ඒක ලැජ්ජාවක් නැතුව මාධ්‍යයට ද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මේ වූ කලී අපට ලැබී තිබෙන “මල් පැල” ය. මේ “මල් පැල” ප්‍රශ්න විසඳන්නට දන්නා ඉටිගෙඩියක් නොවේය. දැන් වෙලා ඇත්තේ “කොහොඹ ගහට කරවිල වැලක් පැටලුනා වගේ” කෙලියක් ය. ‍ප්‍රශ්න වැඩිකර ගැනීම හැර වෙන අන් මගුලක් මුන් දන්නේ නැත !

ඩෙංගු මදුරුවා හින්දා විශ්ව විද්‍යාල වසන්නට කවදාවත් සිදුවූයේ නැත. ඩෙංගු මදුරුවා හින්දා හිරකරුවෝ මැරුම් කෑවේද නැත. ඩෙංගු මදුරුවා හමුවේ කුල්ල කුජීත වී සිටන කයිය කෙළ කෙළ ඉන්න කයියනායකලා දන්නේ ප්‍රශ්නවලින් ජීවත් වෙන්නය. කිසිදු ප්‍රශ්නයක් විසඳන්නට උන්දැලා දන්නේ නැත.

මේ භූතයා පොඩ්ඩක් හරි දන්නේ රඟපාන්නට ය. “ඇගේ ආදර කතාව” චිත්‍රපටයේ ද මේ භූතයා රඟපෑවේය. “ගීතිකා” චිත්‍රපටයේ ද රඟපෑවේය. “යසස” චිත්‍රපටියේ මේ භූතයා ප්‍රධාන පෙම්වතාගේ චරිතය නිරූපණය කළේ සංගීතා වීරරත්න සමගින් ය. මේකා ගැලපෙනම චරිතය රඟපෑවේ “චෙරියෝ කැප්ටන්” චිත්‍රපටයේ ය. ඒ “ටියුන් ටියුන්” නම් හාස්‍යජනක චරිතය ය. ඇත්තටම මුන්දෑට ගැලපෙන්නේ ඒ චරිතයම ය.

ජනප්‍රිය පුවත්  අනේ ෂානි නොදුටු මොක්පුර! 88-89 ගහලයෝ එක අත්තේ වසා ඇත

හිර ගෙවල් පුරවා ඇත්තේ 100 ට 400 ක ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ය. ඒවා ඇතුලේ එක එක ජාතියේ එක එක එවුවෝ දාලා තියෙන්නේ එකට ය. බන්ධනාගාර ඉස්පිරිතාලේ බෙහෙත් නැත. ඩෙංගු හැදී මැරෙන සිරකරුවෝ ගණන 40 ත් පැනලා ය. 200 කට වඩා වැඩි දෙනෙකුට යන්නට තියෙන්නේ එක වැසිකිලියක් ය. කන්නට හම්බවෙන්නේ දිය රහ කෑමය. මෙහෙවු අපායක වගක් විභාගයක් නොමැතිව “රෝමයට වහල්ලු පුරවන්නාක් සේ” මිනිසුන් ගෙනැවිත් පිරවූ විට ඉවසීමේ කට්ට පනින්නේ නිකම්ම ය. මීගමුව බන්ධනාගාරයේ වූයේ එය බව පැහැදිලිය.

“ටියුන් ටියුන්” කරන්න දන්නා ඇමතිකමක් නැත. කයියනායකයා සේම ටියුන් ටියුන් ද දන්නේ කටින් බතල හිටවන්නට ය. පරිප්පුව කමින් ඇත්තේ ජනතාව ය.

උසාවියෙත් ආරක්ෂාව නැත. හිරගෙදරත් ආරක්ෂාව නැත. ආරක්ෂාව ඇත්තේ “බංකු බංකු” ලඟය. “ටියුන් ටියුන්” බංකුවේ වාඩිකර ටියුෂන් දිය යුත්තේ “බංකු බංකු” ය.

ඒකට අප දෙන්නේ තව පෝය දෙකක් ය !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x